අද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු ඇමති මන්ඩලයට අතුරු තහනමක් පැනවීමත් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන විහ්වාස භංගයේ ප්‍රතිඵල පිලිනොගත්තත් අධිකරණය එය පිළිගන්නා ස්වරූපයක් පෙන්නුම් කර ඇත.
එසේම සිරිසේන ජනපති ඔක්තෝබර් 26 වනදා ලබාගත් තීන්දුවද අනුමත නොවන පසුබිමක් පෙන්නුම් කර ඇත.
ජනපති ලබාගත් දෙවන තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවීමයි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ලක්වූ එය 4,5,6 විභාග කර 7 වනදා තීන්දුව ලබාදෙන්නට දින යොදා ඇති අතර එයද ජනපතිට

අවාසි තත්වයක් මතුකරනු ඇතැයි ආරංචි පළව තිබේ.
 මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අද (3) මධ්‍යම රාත්‍රීයේදී යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තාවේ.

මෙම තීරණය ගැන සිකුරාදා ටීඑන්ඒ සමග සාකච්ඡාවේදී ජනපති ඉඟි කර තිබූ අතර එජා පෙරමුණ සමග අද (3) සවස පැවැත්වෙන සාකච්ඡාවේදීද හෙලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනපතිවරයා යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී වැරදි තීන්දුවක් ලබාගත් බව තහවුරුවීම ඔහුගේ ජනපති ධූරය අභියෝගයට ලක්වීමට ඉඩ තිබෙන සිදුවීමක් වනු ඇති අතර ජනපති තීන්දුව හකුළාගන්නේ මේ තර්කය උඩය.
ඒ අනුව ඔක්තෝබර් 26 සිට මේ දක්වා ජනපති ලබාගත් සියලු තීන්දු ආපස්සට හරවා ගැනීමක් සිදුකරගන්නට සිදුවනු ඇති අතර අගමැති ධූරයද රනිල්ට හෝ වෙනත් අයෙකුට පැවරීමට සිදුවනු ඇත.