https://www.gossiplankanews.com/2018/12/ranil-prime-minister-sworn-in.html
ද දින උදෑසන  11.16ට යෙදුණ සුබ මොහොතින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ. මෙම අවස්තාවට සහභාගීවීමට එජාපයෙන් සහභාගීවී ඇත්තේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකු පමණක් බව
පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා තිබෙයි.
දිවුරුම් දීම ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුවත් ජාතික රූපවාහිනිය විදෙස් මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යයන්ට ඇතුළත තහනම්ව තිබූ අතර සජීවී දර්ශන ලැබුනේ නැත. ඔවුන් පිටත සිට වාර්තා කළේ ගාලුමුවදොර අසළ රැස්වූ එජාප සහායකයින් මෙම අවස්තාව සමරන දර්ශන පමණි.

කෙසේ වෙතත් ජනපති මාධ්‍ය අංශය අදාළ අවස්ථාවේ ඡායාරූප පසුව නිකුත් කරනු ඇති බවට විශ්වාස කෙරේ.
රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය කිසිසේත් ලබානොදෙමි. එසේ කළොත් මා ඉවත් වෙනවා වැනි ප්‍රකාශ මින් ඉහත ජනපතිවරයා ප්‍රකාශ කිරීම නිසා මෙම මාධ්‍ය වාරණය සිදු කරන්නට ඇති බවටද කතාවක් පවතී.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් අපි පහතින් පළ කරමු.