https://www.gossiplankanews.com/2018/12/court-decition-maithri-action.html
11.30 pm - Update
 අඟහරුවාදා (11) රාත්‍රියේ දී ලේකම් කාර්යාලයේ දි පැවැත්වූ විශේෂ හමුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් මහින්ද ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ජනපතිවරයා දන්වා තිබේ.පැය එක හමාරකට අධික කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ එලියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ
වර්තමානයේ ඇති වී ඇති දේශපාන ගැටලුවට තිබේන එකම විසඳුම ජනතාව ඉදිරියට ගොස් මහමැතිවරණයක් පැවැත්වීම බව ජනපති පිලිගත් බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහින්ද ඇතුළු පිරිස සමග පවසා ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අනුව විසුරවීම තීන්දු නොවුණොත් ස්ථාවර රජයක් පත්කරන බවත් ඉන්පසු පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. එසේම ඉදිරියේදී එකම සන්දානයකින් පොහොට්ටුව අත ඇතුලු අනෙක් පක්ෂ තරග කරන අයුරු ගැනද අද කතාවී ඇත.

 3.30 pm - Update
 උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳන බවට ජනපති රට හමුවේ පොරොන්දුවූ දිනය අද 11 ට යෙදී ඇති අතර ජනපතිවරයා අධිකරණ තීන්දුව ලැබෙනතුරු මෙම තීන්දුවට කල්මරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. මේ අතර අද (11) රාත්‍රී 7 ජනපතිවරයා විශේෂ රැස්වීමක් කැඳවා
තිබෙන්නේ
සිය ශ්‍රීලනිප පිල හා මහින්ද රාජපක්ෂගේ ශ්‍රීපොජපෙ කන්ඩායම් සඳහාය. ‍
එහිදී අවසන් දේශපාලන තීන්දුවක් ලබාගනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තාවෙමින් පවතී.

ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස

ඉල්ලා කළ පෙත්සම් විභාගය 7 වනදා අවසන් කිරීමෙන් පසු
පසුගිය 7 වනදා 8 වනදා හෝ 10 වනදා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අවසන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද 11 වනදා සවස 3.30 වනවිටත් ලැබී  නැත.
මෙම තත්වය හමුවේ එය තවත් කල් යන ලකුණු පහළ කර තිබේ.

මේ අතර මෙම තීන්දුව ඉක්මණ් කරන්නැයි ජනපති නීතිපතිවරයා හරහා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටීම අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් යයි කියමින් අද දින මෝසමක්ද ගොනු කර තිබෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෙම්ස් ඩවුරිස් මෙම තීන්දුව ගැන ට්විටර් පනිවිඩයක් නිකුත් කර පවසා ඇත්තේ, හිටපු නීති සිසුවෙකු ලෙස තමන් ලද අත්දැකීම් අනුව මෙය අති සුවිශේෂි හා විරල තීන්දුවක් වනු ඇති බවට තමා උපකල්පනය කරන බවයි.