https://www.gossiplankanews.com/2018/12/chamal-nimal-prime-minister.html
යේ රාත්‍රී එජා පෙරමුණ සමග ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූයේ රනිල්ට අගමැති ධූරය දෙන්නට බැරි හේතුව පදනම් කරගෙනය.
සිය නායකයාට එරෙහිවී අගමැතිකමක් ගන්නට මේ අවස්ථාවේ තමන් අකමැතිබව සජිත් ප්‍රකාශ කර තිබෙන නිසා
ජනපතිවරයාට විකල්පයකට යාමට අවස්තාවක් එජාපය ලබා දුන්නේ නැත.
7 වනදා තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරවීම සිදුවූවොත් මහමැතිවරණයක් තෙක්ම රටට අගමැතිවරයෙකු අවශ්‍ය වන අතර විසුරවීම එසේ නොවී දිගටම රජය පවත්වායාමක්  කියා සිටියොත් නැවත 12 වනදා ඊයේ
නඩුවේ අවසන් තීන්දුව තෙක් හෝ අගමැතිවරයෙකු රටට අවශ්‍ය වේ.

කෙසේ වෙතත් අගමැති ධූරය හා ඇමති ධූර ජනපති සන්තකයේ තබාගෙන රට පාලනය කිරීම බොහෝ දුරට තනි පුද්ගලයෙකුට අපහසු කටයුත්තකි.ඵලදායිතාව අවම වේ.
මේ හේතූන් නිසා ඉක්මණීන් අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති යොමු වනු ඇත.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම තත්වය විස්තර කර ඇත්තේ මෙසේය.
''ඊයේ තීන්දුවෙන් කියවෙන්නෙ නැහැ අගමැති සහ ඇමැති මණ්‌ඩලය අහෝසි බවට. තාවකාලික අතුරු තහනම් නියෝගයක්‌ පමණයි නිකුත් කර තිබෙන්නේ.
ජනාධිපතිවරයාට මෙහිදී විකල්ප දෙකක්‌ තිබෙනවා. එකක්‌ අගමැති සහ ඇමැති මණ්‌ඩලය නැතිව රාජ්‍යයේ කටයුතු පවත්වාගෙන යාම‍ අනෙක්‌ විකල්පය පවතින අගමැති ප්‍රමුඛ ඇමැති මණ්‌ඩලය විසුරුවා හැර නව අගමැතිවරයෙක්‌ සහ ඇමැති මණ්‌ඩලයක්‌ පත් කර ගැනීම ජනාධිපතිවරයාට එහිදී නව අගමැතිවරයෙකු පත් කිරීමේදී මහින්ද රාජපක්‌ෂ මහතාව නැවත එම ධුරයට පත් කිරීමට නොහැකියි. ඒත් එම ඇමැති මණ්‌ඩලයේ කටයුතු කළ සෙසු ඇමැතිවරුන්ව වුවත් නව ඇමැතිවරුන් ලෙස පත් කිරීමට හැකියි''

මෙම අදහස ඔස්සේ යමින් මහින්ද නොවන සන්ධානයේ වෙනත් අයෙකුට අගමැති ධූරය ලබාදෙන්නට ජනපති සූදානම් වන බවට ආරංචියක් දැන් පැතිර තිබේ.
ඒ අනුව චමල් රාජපක්ෂ  හෝ නිමල් සිරිපාල ද සිල්වා අගමැති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවටද වාර්තා පළවේ.
කෙසේ වෙතත් එම පත්කිරීමක් පාර්ලිමේන්තුව තුළ යළිත් අර්බුද මතුකරන්නක් වීමටද ඉඩ තිබේ. නමුත් ජනපතිට පවත්නා අර්බුදයෙන් මිදීමට විකල්පයක් ලෙස මෙවැනි තීරණයකට යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද(04) පස්වරුවේ කොළඹදී පැවැත් වීමට නියමිතව තිබෙන අතර එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බව වාර්තා වෙයි.