සිය ස්වාමි පුරුෂයා සමග යතුරුපැදියෙහි ගමන් කරමින් සිටි දෙනියාය කොලවෙනිගම ජාතික පාසලේ ගුරවරියක් පෙරේදා (01දා) සිය සාරිපට යතුරුපැදියේ පැටළීමෙන් යතුරුපැදියෙන් වැටී සිදුවූ රිය අනතුරකින් පසුව මිය ගොස් ඇත.

ඇය අනතුරින් පසු පළමුව දෙනියාය කොලවෙනිගම රෝහලකට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා රාතී‍්‍ර 11 ට පමණ මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරවක පොලිසිය පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර රන්තිරිමුල්ල ප‍්‍රදේශයේ
පදිංචිකාරියක වන 36 හැවරිදි රන්දිමා සංජීවනී නමැති දෙදරු මවකි. ඇය දෙනියාය කොලවෙනිගම ජාතික පාසලේ ගුරු නේවාසිකාගාරයෙහි නේවාසිකව සිට ඇත.

 සිය ස්වාමිපුරුෂයා සමග යතුරුපැදියෙන් පෙරේදා සවස 6.30 පමණ කළුබෝවිට වතුගොඩ ප‍්‍රදේශයට පැමිණෙමින් සිටියදී යතුරුපැදියෙහි පසුපස අසුනෙහි ගමන් කරන විට සිය සාරි පට යතුරුපැදියෙහි පසුපස රෝදයෙහි පැටලී ඇත. පසුව ඇය යතුරුපැදියෙන් විසිවී ගොස් තිබේ. ඇය පැළ`ද සිටි හෙල්මටය ගැලවී හිස මාර්ගයෙහි ගැටී ඇතැයි අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන මොරවක පොලිසිය පවසයි.


අමල් තුෂාර- අනුර යස්මිත්