https://www.gossiplankanews.com/2018/12/62-kills-tsunami-indonisia.html


අඟහරුවාදා (25)-උදෑසන වාර්තාව
ඉන්දුනීදිසියානු ගිනි කඳු පිපිරීම හේතුකොට ඇතිවූ සුනාමි තත්වයෙන් මියගිය ගණන මේ වනවිට 373 ලෙස සටහන් වේ. තුවාලලත් පිරිස 1459 ට වැඩි වන අතර අතුරුදන් පිරිස 126 ලෙස සටහන් වේ.
------------
 සඳුදා (24)-උදෑසන වාර්තාව
ඉන්දුනීසියානු ගිනි කඳු පිපිරීම හේතුකොට ඇතිවූ සුනාමි තත්වයෙන් මියගිය ගණන මේ වනවිට 287 ලෙස සටහන් වේ. තුවාලලත් පිරිස 850ට වැඩි වන අතර අතුරුදන් පිරිස 28 ලෙස සටහන් වේ.
------------
ඉරිදා (23)-උදෑසන වාර්තාව
ඊයේ රාත්‍රී ඉන්දුනීසියාවේ Sunda Strait ප්‍රදේශයේ ඇතිවූ සුනාමි තත්වයක් නිසා 62 දෙනෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවීමට පෙර භූමි කම්පා තත්වයක් වාර්තා නොවීමත් ඒ නිසාම කිිසිදු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් නොවීමත් විශේෂිතය.
මුහුදු රළ වෙරළාසන්නයේ ඉහලින් පතිත විම නිසා
62 ක් මියගිය බවට ගණන්බලා ඇත. 20 දෙනෙකු අතුරුදන්ව ඇත.

තුවාල ලැබූවන් 584 කි. ගොඩනැගිලි 400 කට වැඩි ගණනක් කඩා වැටී ඇත.

මේ ආකාර අනපේක්ෂිත ව්‍යසනයක් ඇතිවූ ආකාරය ප්‍රහේළිකාවක් යයි බලධාරීන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සුනාමි තත්වය සිදුවූ ස්ථානය ආසන්නයේ Krakatoa නමැති ඉන්දුනීසියානු  ගිනිකන්ද පසුගිය ජුනි මාසයේ සිට පිපිරී ගොස් තිබූ අතර එම විධාරණය විටින් විට සිදුවෙමින් පැවතිණි.
 සුනාමිය හා ගිනිකන්ද අතර සම්බන්ධයක් පවතිදැයි ඇතැම් වාර්තා සැක පළකර තිබේ.
ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, මීට දින දෙකකට පෙර ඉකුත් සිකුරාදා විනාඩි දෙකකුත් තත්පර 12 ක කාලයකට Krakatoa ගිනිකන්ද විධාරණය වූ බවයි.