යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර යන ප්‍රදේශවල යුද හමුදාව දැනට පරිහරණය කරන ඉඩම් මෙලෙස නිදහස් කිරීමට සැලසුම් කර ඇතැයිද යුද හමුදා මූලස්ථානය
නිවේදනය කරයි. ඒ අතර රජයේ ඉඩම් අක්කර 130.66ක් සහ පෞද්ගලික අංශයේ ඉඩම් අක්කර 132,89ක් ඇති බවද එම මුලස්ථානය පවසයි.

මෙම පළාත් දෙකෙහි ඇති නිදහස් කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එම සාකච්ඡා සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්  මහේෂ් සේනානායක මහතා ඇතුළු ආරක්ෂක සේනා ආඥාපතිවරුන් සහභාගි වී තිබේ.

මෙම ජාතික සංහිඳියා වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත. එසේම 2009 මැයි මස 18 වැනි දිනට පෙර යුද හමුදාව විසින් උතුරු නැගෙනහිර පළාත්වල ඇති ඉඩම්වලින් අක්කර 84,523.84ක් පරිහරණය කර ඇති බවත් ඉන් අක්කර 69,754.59ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බවද යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

-චාමර අමරසූරිය-

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන පරිදි තවත් ඉඩම් අක්කර 263.5ක් මෙම වසර අවසාන වීමට පෙර නිදහස් කිරීමට සැලසුම් කර තිබේ.