නව රජය මගින් ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් පමණ අඩු කළහොත් එම වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව සියයට 10 කින් පමණ හැකි බව සමසිත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන  ලේකම් අංඡන ප්‍රියන්ජිත් පැවැසීය.

ඉකුත් රජය මගින් ඩීසල් ලීටරයක මිල  රුපියල් 10 කින් අඩු කිරීමට අනුව බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධන් සලකා බැලීම සඳහා ලබන 21 දින පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡා සති දෙකකින් කල්දමන  ලෙස තම සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේන් ඉල්ලා සිටින බවද අංජන මහතා කීය.

 මේ අතර ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යවරයකු මෙතෙක් පත්නොවිමත් ඊට අමතරව බස්ගාස්තු සංශෝධනයකට අවශ්‍ය අමතර කොටස්, ටයර්, ටියුබ්, ලිසිං ගාස්තු ඇතුළු සියලු පිරිවැය වියදම් පිළිබඳ සලකා බලාගෙන යන බැවිනුත් සාකච්ඡාව සතියකින් කල්දමන ලෙස සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේන් ඉල්ලීමක් කළ බවයි. ඉකුත් රජය ඩීසල් ලීටරය රුපියල් 7 කින් අනු කළ අවස්ථාවේ බගාස්තුන සියයට 2 කින් අඩු කළ බවත් ඔහු කීය. ඊට පසු දෙවරකට ඩීසල් ලීටරය රුපියල් 10 කින් අඩු කළ බවත් එම වාසිය ජනතාවට ලබාදිම සඳහා බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධ සලකා බැලිමට ලබන 21 දා සාකච්ඡාක් පැවැත්වීමට තිබෙන බවත් ගැමුණු විජේරත්න  පැවැසීය.

-මහින්ද නිශ්ශංක-