https://www.gossiplankanews.com/2018/11/sri-lanka-parliament-dissolve-reason.html
යේ (9) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරවීමට හේතුවූ ප්‍රධාන කරුණු ගැන දේශපාලන අංශ මේ වනවිට කරුණු හෙළි කරමින් තිබේ.
ප්‍රධාන හේතුව 14 වනදා පාර්ලිමේන්තුව පැවැත්වීමෙන් පසු බහුතරය සකසාගන්නට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට නොහැකි බව පෙනීයාම බව මේ වනවිට වඩාත් ප්‍රචලිත අදහසයි.
ඊයේ(9) වනවිට 113 නොව සත්‍ය ලෙසම මහින්ද පාර්ශ්වයට සහයට සිටියේ
68 ක් බවටද ආරංචියක් පැතිර
ඇත. 113 තරගයේ අවසාන වකවානුව වනවිට එජාපයේ පිරිස් සන්ධානයේ ඇමතිවරුන් හරවාගැනීමේ උත්සාහයක නියැළුණ අතර පාර්ලිමේන්තුව කැඳවූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඡන්දය වර්ජනය කර මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමේ සුදානමක් පවතින බවට ආරංචි තිබී ඇත. එසේම මනුෂ නානායක්කාර කළ ආකාරය අනුගමනය කරමින් අද (10) පෙරවරුවේ ශ්‍රීලනිප නියෝජනය කරන තවත් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිය ඇමති ධුරවලින් ඉවත්වීමට නියමිතව තිබූ බවටද වාර්තා පළවේ.


14 වනදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ ඡන්දයෙන් පරදා ඒ සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සූදානමක් තිබී ඇති අතර එජාපයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකු සමග සාකච්ජා කර එයට සහය ලබාගැනීමේ සැලසුමක් තිබී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව 14 දා යළි ආරම්භකිරීමෙන් පසු මහින්දට මෙන්ම මෛත්‍රීටද සිය තනතුරු සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක් උදාවන පසුබිමක් හමුවේ එයට ඉඩදී රජය පෙරළාවැටීම වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මිස වෙනත් දෙයක් කරන්නට බැරි බව තේරුම් ගොස් ඇත.

මෙම තීරණය ගැනීමට පෙර ඊයේ අවස්ථා දෙකකදී අගමැති හා ජනපති අතර සාකච්ඡා තිබී ඇත.
හදිසි තීරණයක් ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එයින් පසුව බව කියැවේ.