https://www.gossiplankanews.com/2018/11/raveendra-wijegunaratne-court-case.html
යේ (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගවූ සුදු වෑන් පැහැරගැනීම් 11 ක් කළ බවට සාක්ෂි ලැබී ඇති නේවි සම්පත්ට රැකවරණය දීම පිළිබඳ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධනට අදාළ නඩුවේදී ඔහුව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
ඊයේ අධිකරණයේදී මෙම සැකකරු තම නිල බලය පාවිච්චි කරමින් නඩුව මගහැරීමට හා පරීක්ෂණ යටපත්
කිරීමට ක්‍රියා කළ ආකාරය අධිකරණයේ විවේචනයට බඳුන් විය. එසේම අධිකරණයට ඔහු නිල ඇඳුමින් පෙනී සිටි ආකාරය ගැටලු කාරී බවද දක්වා තිබූ අතර ඒ නිසා අධිකරණය සවසට කල් තබා දෙවන වර රැස්වීමේදී එහු නිල ඇඳුම මාරු කරගෙන සාමාන්‍ය ඇඳුමකින් පැමිණියේය.

මෙම සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශනයට සහ සාක්ෂිකරුවන්ට බාධා වන බව අධිකරණයට පෙනී යන බැවින් ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කර තිබුණි. මෙම නඩුව විභාගයට රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කැඳවූ දා සිට හිටපු නාවික හමුදාපතිවරයා විවිධ මගහැරීම් සිදු කළ ආකාරය අධිකරණයේදී ප්‍රකාශ විය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ
නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා නිලධාරි නිවස්නයේ නේවාසිකව රැදී සිටීමට ඉඩ සලස්වා තිබෙනවා. ඒ සමිබන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඉකුත් සැප්තැම්බර් මස 10 වැනි දින ඔහුට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා.

එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අප වෙත දැනුම් දීමක් කරනු ලැබුවා ඔහු මෙක්සිකෝ රටට රාජතාන්ත්‍රික කටයුත්තක් සඳහා ගොස් ඇති බචට. ඒ වගේම ඒ මාසේ 18 වැනිදා නැවත පැමිණ ප්‍රකාශයක් ලබා දෙනු ලබන බව ද දැනුම් දී තිබුණා. ඉන්පසු අප විසින් සිදුකළ විමර්ශනයට අදාළව කිහිප අවස්ථාවකදීම ඔහු අත්අඩංගුවට ගැන්මට තරම් ප්‍රමාණවත් කරුණු තිබෙන බවට අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව අධිකරණයෙන් තුන් වතාවක්
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ඉකුත් 27 වැනිදා උදේ 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දෙමින් බීඑම්අයිසීඑච් පරිශ්‍රයේ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට ලිපියක් යොමු කරනු ලැබුවා. එය බාරගනු ලැබුවේ ඔහුගේ ලේකම්වරයා වූ කපිතාන් පී.ජී.ජේ.පී. සමරනායක මහතා විසින්. ඒත් අදාළ දිනයේ ඔහු අප දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ නැහැ. පසුව එදින දහවල් 12.15ට පමණ මෙහි ප්‍රධාන විමර්ශන නිලධාරී නිශාන්ත සිල්වා විසින් අදාළ කපිතාන්වරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් විමසා තිබෙනවා. එහිදී එම නිලධාරියා ප්‍රශ්න කර ඇත්තේ අපි හිතුවා කටඋත්තර ගන්න ඔයා මෙතනට එයි කියලා. ඔයාට කවුරුත් උපදෙස් දුන්නේ නැද්ද?" යනුවෙනුයි.

 එහිදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සඳහන් කර තිබුණේ තමන්ට එවැනි උපදෙසක් කිසිවකු හෝ ලබා නොදුන් බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලා සඳහන් කරන බවට එම කපිතාන්වරයා සඳහන් කර තිබුණා. පසුව නැවතත් දුරකතන ඇමතුමක් ලබාදුන් එම කපිතාත්වරයා සදහන් කර තිබුන පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේස්යවරයාටයි මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙන්නේ කියලා. ඒත් විමර්ශන නිලධාරීයා මේ කිසිවක් දන්නේ නැහැ.

විනිසුරු  -  එන්න කියලා ආවේ නැත්නම් ගිහිල්ලා. අත්අඩංගුවට ගන්නනේ තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව- මෙම සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (6) වගන්ති උල්ලංඝනය කළ බවට විමර්ශන නිලධාරියා සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඉකුත් නඩු දිනයේදී අපට දැනුම් දෙනු ලැබුවා.

(මෙහිදී නිල ඇඳුමෙන් සැරසී සිටී හිටපු නාවික හමුදාපතිවරයා විත්ති කූඩුව ආසන්නයේ සිටි අතර, ඒ සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ  ප්‍රේමරත්න මහතා එය අධිකරණයේ අවධානයට යොමුකරවිය. )

විනිසුරු- අද ඔහු අධිකරණයට පැමිණ සිටිනවා ද?


ජනාධිපති නීතිඥවරයා- එසේය ස්වාමීනි ඔහු පැමිණ සිටිනවා.

විනිසුරු : රටේ නීතියට ගරු කරන්න ඕනෑ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු පැහැදිලිව තිබෙනවා. ඇයි එහෙනම් මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලයි විමර්ශන නිලධාරීන්ගෙන් ඇහුවේ. මේ රටේ මිනිසුන්ට පොලීසිය ඕනැ තරම් බොරු නඩු දානවා. ඒ මීග්නිස්සු ඒවා ඇවිල්ලා කියන්නේ අත්අඩංගුවට ගත්තාට පස්සේ. ඇයි මේ සැකකරුට විශේෂයක් පෙන්වලා තිබෙන්නේ. නඩුවට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට පැමිණිල්ල විසින් මුල සිටම වාර්තා කර තිබෙනවා.
 මේ තැනැත්තාට අධිකරණයට ඉදිරිපත් වීමට අවසර ලබා දෙමි.

 (මෙහිදී හිටපු නාවික හමුදාපතිවරයා විත්ති කූඩුවට නැග එහි සිටි පළමුවැනි සැකකරු වූ අමරසිංහ නමැත්තා පසෙකට තල්ලු කර දමා ඉදිරියටවිත් සිටගනු පෙනුණි. මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන්නේ දැන් අධිකරණයට භාර වූ තැනැත්තා බැවින් ඔහුට නියමිත ස්ථානයේ සිටීමට පියවර ගන්නා ලෙසයි. ඉන්පසුව ඔහු නැවත ඔහු දෙවැනි සැකකරු ලෙස විත්ති කූඩුවේ පසුපසට යනු පෙනුණි.)

මෙහිදී සැකකරු නාවික හමුදා නිල ඇඳුමින් සැරසී. විත්ති කුඩුව වෙත නැගීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා රාජකාරියට යමින් සිදී අධිකරණයට පැමිණෙන ලෙස තමා ඔහුට දැනුම් දී ගෙන්වා ගනු ලැබූ බවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු කුමන ඇඳුමකින් සැරසී පැමිණියත් ඒ තමන්ට ගැටලුවක් නොවන බවත් තමන් අධිකරණයකට පැමිණීමේදී ඇඳිය යුත්තේ කුමන ඇඳුමක් ද යන්න සම්බයෙන් ඔහු දැනගෙන සිටිය යුතු බවය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව : මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන නිලධාරියා වූ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස්පති නියමයෙන් මාරුකරනු ලැබූ බවට ලිපියක් ලැබෙන්නේ ඉකුත් 18 වැනිදායි. සේවා අවශ්‍යතාවක් මත ඔහු වහාම මිගමුව කොට්ඨාසයට මාරුකර යවා තිබුණා. එ් අනුව පොලිස්පතිවරයා විසින්
මෙම නිලධාරියා සම්බන්ධයෙන් කරුණු තුනක් යටතේ වහාම වාර්තාවක් ඉල්ලා තිබුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබුවා. ඒ වගේම මේ සමිබන්ධයෙන් පොලිස් කොමිසම වෙත ද අප විසින් දැනුම් දෙනු ලැබුවා. පොලිස්පතිවරයා විසින් සඳහන් කර ඇති අන්දමට මෙම විමර්ශන නිලධාරියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවට සාධක නොමැතී බවත්, නිලධාරියා සම්බන්ධයෙන් කීසිදු අපරාධමය. චෝදනාවක් අනාවරණය නොවන බවත්, ඔහුගේ චර්යාව සම්බන්ධයෙන් සවිස්තර වාර්තචක් ද පොලිස්පතිවරයා වෙත
යොමු කර තිබුණා.
 සේවයේ අවශ්‍යතාවක් බවට සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින්ම එම ස්ථාන මාරුව අවලංගු කරනු ලැබුවා. මෙම සැකකරු 2015 (4) අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වනවා. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි යන අයට නාවික හමුදා නිවනයේදී ඉකුත් 25 වැනි දින සවස ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පහරදුන් බවට ඔහු කොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙම සැකකරු 1996 අංක 22 දරන තුවක්කු ආඥා පනතේ වරදක් මෙන්ම, 1994 අoක 22 දරන වධ දීමට හා අනෙකුත් කැර අමානුෂික වධ දීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බවට ද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා.

හිටපු නාවික හමුදාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා - මෙම නඩුවේ මුලාරම්භය වන්නේ මගේ සේවාදායකයා සැකකාර හෙට්ටිආරච්චි යන අයට බෝට්ටුවකින් මෙරටින් පිටමං කළා කියලා. එය බොරුවක් බවට පත්වුණා එම සැකකරු අත්අඩංගුවට ගත්තාට පස්සේ.එම සැකකරුට සැග වී සිටීමට අවකාශ සලසා දුන්නා කියලා සාක්ෂි දෙකක් මත පදනම් වී තමයි මේ චෝදනා ගොනු කරලා තිබෙන්නේ. ගලගමන්ගේ  සහ කෝදාගොඩ සුනිල් යන අයගේ සාක්ෂි මත, ඔය කියන ආකාරයට පොලිස්පතිවරයාට කිව්වා කියන කතා අපි ප්‍රතිකේෂ්ප කරනවා. ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පතිවරයාට එවැනි කතාවක් කිව්වේ නැහැ. කිසිම දුරකතන සංවාදයක් වුණත් නැහැ. කවුරු කාව මාරු කළා ද කියලා මට අදාළ නැහැ. පොලිස්පති කවුරු හරී කියන දෙයක් කරලා නිලධාරීන් මාරු කරනවා කියලා කිව්වාට ඒක පිළිගන්න පුළුවන් ද? අධිකරණය : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීමෙන් ද කියන්නේ පොලිස්පතිවරයා සඳහන් කරලා තියනවා කියලා මම දෙවැනි සැකකරු මෙහි විමර්ශන නිධාරියාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් වගකියන්න ඕනෑ කියලා?

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුට තර්ජනය කළැයි කියා කොටුව පොලීසියේ පැමිණිල්ලක් තිබෙනවා .

 ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව සවස 2.15 තෙක් කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව පස්වරු 3.00ට පමණ පැමිණිල්ල අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේ සිය නිල ඇඳුම වෙනස් කර සිවිල් ඇඳුමින් සැරසී හිටපු නාවික හමුදාපතිවරයා පැමිණියේය.
දෙවන අධිකරණ වාරයේදී සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විභාග කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට පත්විය.