https://www.gossiplankanews.com/2018/11/parliament-sri-lanka-.html

2.00pm update

පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමකට, අයවැයක් සම්මත කිරීමකට කිසිවෙකු නැති බවත් රට අරාජක තත්වයට ඇද වැටී ඇති බවත් අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
පසුගිය දිනවල සබාවේ සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නලීන් බන්ඩාර මන්ත්‍රීවරයා දැන්වීය. ඒ ගැන පරීක්ෂණ පවතින බව කතානායක වරයා පිලිතුරු දුන්නේය.
මේ අතර වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා දන්වා සිටියේ තමාට පෙට්‍රල් බෝම්බ ගැසීමට පසුගිය ඉරිදා සූදානමක් තිබූ බවත් ඒ ගැන පැමිණිළි පොලිසිය බාර නොගන්නා බවත්
ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති බවත්ය.
හිටපු මුදල් ඇමති මංගල සමරවීර කියා සිටියේ සිරිසේන මහින්ද ආන්ඩුව ලෝකයේ කිසිදු රටක් පිලිගෙන නැති බවයි. නීති විරෝධී ආන්ඩුව දෙසැම්බරයේ පැවතුණොත් පාර්ලිමේන්තුවට වගකියන මුදල් ඇමතිවරයෙකු නැතිවීමෙන් රජයේ මුදල් රට කරගෙනයාමට යෙදවීමට හැකියාව නැති බවත් 2019 රජයේ

සේවකයින්ට වැටුප් ගෙවීම ඇතුලු ගැටලු රැසක් මතුවන බවත්ය.
එස් එම් මරික්කාර මන්ත්‍රීවරයා දන්වා සිටියේ අගමැති විශ්වාසභංගයකින් පරාජය කර තිබියදී තවදුරටත් මුදල් ඇමති හා අගමැති ලෙස පෙනී සිටිමින් රාජසන්තකව පැවති ඇමරිකානු ඩෙලර් 53000 ක මුදලක් නිදහස් කිරීමේ නියෝග ලිපියක් නිකුත් කර ඇති බවයි.

එසේම ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන ආණ්ඩව ගැන විස්තර නොකර පාර්ලිමේන්තුව පැවැත්වෙන වෙලාවේ එයට නොපැමිණ කමිටු ශාලාවල මාධ්‍ය සාකච්ඡා පවත්වන වර්ජකයින්ගේ සජීව විකාශන ලබාදෙන ඇතැම් මාධ්‍ය පවතින බවත් ඒවා ගැන සොයා බලන ලෙසත්ය.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ඊනියා ආණ්ඩුව ආණ්ඩුවක් ලෙසත් නීතියට පටහැනි ඇමතිවරු හා අගමැති ඒ තනතුරුවලිනුත් හඳුන්වන මාධ්‍ය වලට එම හැඳින්වීම ජනතාව නොමග යවන්නක් නිසා වාරණ නියෝගයක් කතානායකවරයා ලබාදිය යුතු බවයි.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට මිරිස් කුඩු පහර නිසා තවමත් ඇසේ ආබාධ පවතින බවත් පැය දෙකක විශේෂ අක්ෂි පරීක්ෂාවක් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවත්ය. එසේම ව්‍යාජ ආන්ඩුව තවමත් බිලීබාගැනීම් නවතා නැති බවත් තම ඥාතී එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාට ලක්ෂ 2000 ක් දෙන්න එන්න කිව්වා යයි ඊයේ සැලවුණ බවත්ය.
කල් තැබීමේ යෝජනාව තවමත් පැවැත්වේ.


 1.12pm update
අද (27) දින පාර්ලිමේන්තු රැස්වීම දහවල් 1 ට ආරම්භ වුවද දෙවන වරටත් ආණ්ඩු පක්ෂය සභාවට නොපැමිණ
සභාව වර්ජනය කළහ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය පමණක් රැස්වීමට පැමිණ තිබේ.පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී රට තුළ හටගෙන ඇති

දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව  කල් තැබීමේ යෝජනාවත් ඉදිරිපත් කර තිබේ.
රැස්වීමට පෙර ප්‍රධාන පක්ෂ දෙකක කණ්ඩායම් රැස්වීම් පාර්ලිමේන්තු කාරක සභා කාමර තුළ ආරම්භ වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්විණි.