https://www.gossiplankanews.com/2018/11/navinna-viyalendran-to-mahinda.html
ගමැති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට සහය වන බව දක්වමින්  එජාපයේ එස්බී නාවින්න හා
දෙමළ ජාතික සංවිධානයේ

එස් වියලේන්ද්‍රන්  නව රජයේ ඇමතිවරු ලෙස දිවුරුම් දුන්නා. එස් බී නාවින්න මින් ඉහත මහින්ද රාජපක්ෂ රජයේ සිට 2015 රජය පෙරළුණ පසු එජාපයට එක්වූ අතර නැවත මෙම පිලට එක්වන බවට පසුගිය දිනවල කථා පැතිරිණි.
දෙමළ ජාතික සංවිධානයේ  එස් වියලේන්ද්‍රන්  ප්‍රථමවරට එම පක්ෂයෙන් වෙනත් පක්ෂයකට සහය දෙන්නට කැඩී ආ මන්ත්‍රීවරයා ලෙස ඉතිහාස ගතවනු ඇත.

එස්.බී. නාවින්න - සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසද

දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දී ඇති බව වාර්තා විය.