https://www.gossiplankanews.com/2018/11/manusha-unp-again.html
සුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙමින් මහින්ද රාජපක්ෂ අගමැතිට සහාය පළ කළ මනුෂ නානායක්කාර අද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු ජනපතිට යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙන්නේ
ව්‍යවස්ථා විරෝධී ලෙස පත් වූ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට තීරණය කර ඇති බවත්ය.
මේ අතර මොහුට අමතරව තවත් ප්‍රබලයන් කිහිප දෙනෙකු ඉදිරියේදී එජාපයට එක්වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට හේතු වී ඇත්තේ ඇත්තටම ව්‍යවස්ථා උල්ලංඝන විරෝධයද නැතිනම් වැඩි මුදල අඩුමුදලට වඩා වටිනා ලෙස තක්සේරු කිරීමද නිශ්චය කරගැන්ම අපහසුව ඇත.

මේ වනවිටත් ඇමතිධූර වල දිවුරුම් දුන් අය ගෙවල්වලට ගොස් හමුවී ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමේ වැඩසටහනක්ද දැන් එජාපයෙන් අරඹා තිබෙන අතර
 මෑතක වෙනසක් සිදු කළ වසන්ත සේනානායකගේ ගෙදරට රවී රාජිත ඇතුළු පිරිසක් ගිය අවස්ථාවේ ඡායාරූප වසන්ත සේනානායක අන්තර්ජාලයට මුදාහැර  තිබුනි. වසන්ත නැවත ඒම ප්‍රතික්ෂේප කළ බවද වාර්තා විය.

මේ අතර මෑතකදී ඇමති ධුර ලබා ගත් 08 දෙනෙකු ආපසු එක්සත් ජාතික පක්‍ෂය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබේ.
 පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක තමා කියන කරුණ තහවුරු වනු ඇති බව පවසා ඇති ඔහු දිවුරුම් දුන් බොහෝ දෙනෙකු දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා බවත් ඡන්ද විමසීමකදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවත්ය.

වසන්තව හරවා ගැනීමට ගිය රවී කරුණානයක, රාජිත සේනාරත්න, අකිල විරාජ්, ජෝන් අමරතුංග සහ ස්වාමිනාදන් යන එජාපයේ ප්‍රබලයින් වසන්තගේ නිවසේ සීසීටීවී ඡායාරූප වලට හසුව තිබුනේ පහත පරිදිය.ඉල්ලා අස්වන බව දක්වා මනුෂ ලියූ ලිපිය ඊට පහතින්