https://www.gossiplankanews.com/2018/11/maithri-mahinda-ranil.html
හින්ද රාජපක්ෂ හිටිහැටියේම අගමැති කරවීමේ කටයුත්ත ජනපති මෛත්‍රිපාල සිරිසේන හදිසියේ සිදු කළේ ඔක්.26 වැනි සිකුරාදා හැන්දෑවේ 7.20 ට පමණය. හරියටම ඉන් දෙසතියකට පසු ඊයේ (9) රාත්‍රී 10.15 ට පමණ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති කටයුතු කළේය. ඒ අනුව පාර්ලිමේන්තුව වසාගෙන ගෙනගිය මහින්ද මෛත්‍රී හවුල් ආණ්ඩුව සති දෙකකට සීමා විය. නමුත් අතරවාර කාලයේ
පත්කළ කැබිනට් ඇමතිවරුන් 29 දෙනා භාරකාර රජයක් ලෙස මැතිවරණයෙන් නව රජයක් පත්කරනතුරු සීමිත කටයුතු සහිතව බලපැවැත්වේ.
මෛත්‍රී තම අගමැති ලෙස මහින්ද පත් කළේ මහින්දට පාර්ලිමේන්තු බහුතරය පසුව ලබාගතහැකිය යන අපේක්ෂාවෙනි. ඒ නිසා සති තුනක පමණ සංක්‍රාන්ති කාලයක් සකසා 

පාර්ලිමේන්තුව රැස්කරන්නට කටයුතු යෙදුවේ මහින්ද සිය සහෝදර බැසිල්ගේද උදව්වෙන් එම බහුතරය පහසුවෙන් ගොඩනගාගනු ඇතිය යන අපේක්ෂාවෙනි.

මේ කාලයේ බැසිල් එක් එක් අය හමුවෙන්න ගිය අවස්ථාද වාර්තා විය. මහින්ද නාමල් මෙන්ම එස්බී ඇතුළු ඇමතිවරුද ප්‍රසිද්ධ මාධ්‍ය වල තමන්ගේ බහුතරය ගැන සැකයක් නැති බවට කතා කර තිබුණි. ගෙවුණු දෙසතියක කාලය තුළ අවස්ථා 10 කදී ඇමතිවරුන් දිවුරුම් දුන් අතර කඩින් කඩ විවිධ ඇමතිධූර ලබාදෙමින් තමන්ගේ ගොඩට එජාප අය එකතුවන ආකාරයට සැලැස්මක් සකස් කර තිබුණි. නමුත් මුලදී විවිධ පුවත් මවමින් 6 දෙනෙකු එජාපයෙන් කැඩී මහින්දට එක්වුවද පසුව එය නතර විය.

සුළු ජාතික පක්ෂවලින් පිරිස් කඩාගෙන ගොඩ තරකිරීමේ මෙහෙයුමද ඇණ හිටියේය. ටීඑන්ඒ එක් මන්ත්‍රීවරයෙකු කඩාගත් පසු අනෙක් අය 15 ම එකතුකරගෙන මහින්දට විරුද්ධ වන බවට ඔවුන් තර්ජනය කර තිබුණි.මේ අතර කැඩීගිය පිරිස් යළි ලබාගැනීමේ මෙහෙයුමක එජාපයද නිරතවූ අතර මනුෂ ප්‍රසිද්ධියේ මහින්දට එරෙහිවන බව පවසන ලදි. මුස්ලිම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා අසාර්ථක විය. ඔවුන්ව එකතුකර බීලීබෑම්වලින් වලින් බේරෙන්නට මක්කමට ගෙන යන්නට බදියුදීන් හා හකීම් පියවර ගන්නා ලදි.

මේ අතර මහින්දට සහය පළකරන්නන්ගේ රැස්වීමට ආවේ 86 කි. 113 තනාගැනීම තවදුරටත් නොහැකි දෙයක් බව ඒ අනුව තේරුම් ගන්නා ලදි.
හිතුතරම් පිරිසක් එක්නොවීම නිසා පාර්ලිමේන්තුව 14 වනදා රැස්කර මහින්ද පරාජයට පත්වීමට ඉඩහැරීම මෛත්‍රිට ලජ්ජා සහිත කාරණාවක් බවට පත්ව තිබුණි.

ඒ අනුව මේ අවුල ලජ්ජාවෙන් ගොඩ ඒමේ උපායක් ලෙස අකාමකා දමන්නට පාර්ලිමේන්තුව විසුරවා කළ හැකි බව ඊළඟ විකල්පය විය.

එජාපයට 113 කට වැඩි බහුතරයක් සහිත දැනටමත් ශක්තිමත්ව තිබෙන පාර්ලිමේන්තුව විසුරුවීමට මෛත්‍රී කටයුතු කළේය. එය හුදෙක්ම හිටි හැටියේ පහළවූ පුද්ගල බල අභිලාෂයක පාරාජිත අවසානයක ප්‍රතිඵලයක් විය.
 රනිල්  - මංගලගේ ආර්ථික හැසිරවීම හා වෙනත් විවිධ හේතු නිසා ජනතාව කලකිරී සිටි බව ඇත්තකි. නමුත් සියල්ල සිදුවිය යුත්තේ ව්‍යවස්තාව අනුවය. ඒවනවිට පැවති රජය පාර්ලිමේන්තුව තුළ ස්ථාවරව තිබූ එකකි.

ස්ථාවරව පවතින රජයක් කල් පිරෙන්නට වසර එකහමාරක් තිබියදී අස්ථාවරභාවයට පමුණුවා මුලිනුපුටා දැමීම තුලින් ජනතාවට ඇතිවූ අමුතු සුබ සිද්ධියක් නැත.
නීති විශාරදයින් පවසන්නේ ලබාගත් තීරණ දෙකම ව්‍යවස්ථානුකූල නැති බවයි. නමුත් විධායක ජනපතිට එරෙහිව එය අභීයෝග කර උසාවියේදී ජයගනීද යන්න ගැටලුකාරීය.
මහින්ද පාර්ශ්වය වෙනම සැලකුවොත් ඔවුනට මෙය ජයග්‍රහණයකි. ඔවුන් ආණ්ඩුව කෙසේ හෝ පෙරළුවේය.
 නමුත් මෙවැනි දෙයකට සම්බන්ධ නොවී ඉතිරි මාස ටිකත් ඉවසා ගෝඨාභය යටතේ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමේ වාසියක් මහින්ද පිලට පැහැදිලි ලෙසම තිබුණි.
 මෙම වෙනසට මහින්ද පිල කැමතිවූයේ නඩු ටික අස්කරගැනීමට හෝ ඊට බලපෑම් කරගැනීමට බවටද කතාවක් පවතී.
කෙසේ හෝ නව  ඇමති ධූරවල හයියද තමන් අතට පත්කරගත් පසු මැතිවරණය පවත්වන බැවින් එහිදී  බලපෑම් වලටද දැන් අවකාශය ඇත.

කොහොමත් 2019 අග ජනපතිවරණයක් හා 2020 මැද මහමැතිවරණයක් පවත්වන්නට නියමිතව තිබූ අතර මෙම බලහත්කාර ක්‍රියාවලිය තුළින් සිද්ධවූයේ පාවෙන ඡන්ද විශාල කොටසක් දේශපාලකයින් ගැන කලකිරීමට ලක්වීමයි. ඉදිරි මැතිවරණයේදී එය තීරණාත්මක සාධකයක් බවටද පත්වනු ඇත.
සති දෙකක දේශපාලන විහිළුවෙන් මූල්‍යමය වශයෙන් ගොඩගියේ ක්ෂණික කෝටිපතියන්වූ පැන්න අයයි.නමුත් ඔවුන් වැඩිදෙනෙකුට නැවත ජනතාව ඉදිරියට යාමට අපහසු නිසා ඉදිරි මැතිවරණවලින් ගොඩ ඒමක් නම් නැත.