මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකම් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි
ඉල්ලා අභියාචනාධිකරණයේ ගොණු කෙරුණු රිට් පෙත්සම අද (30) සලකා බැලීමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කු 
මෙම පෙත්සම ගොනු කර ඇත.
 අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ එය සලකා බැලෙනු ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බව විශ්වාසභංග යෝජනාවකින් සම්මත වි ඇතැයිද මහින්ද රාජපක්‍ෂට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකුල හිමිකමක් නොමැති බවද කතානායකවරයා ඒ බව තහවුරු කර ඇතැයිද පෙත්සම්කරුවන් පවසා තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 49 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අතර එම තීන්දුව අනුව නීත්‍යානුකූල නොවන ධූරයක් නම් එය ඉවත් කීරීමට අධිකරණයට හැකියාවක් ලැබෙනු ඇත.