https://www.gossiplankanews.com/2018/11/mahinda-deshapriya-supreme-court.html
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බැවින් ඒ ගැන විමසීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට ඇතැම් වාර්තා පළව තිබෙන නමුත් තවම ඔහු
එවැනි නිල ප්‍රකාශයක් කර නැත.


19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුව වන අතර ඒ අනුව 2020 මාර්තු මාසය දක්වා සිටිය යුතුය. නොඑසේ නම් අයවැය පරාජයක් හෝ පාර්ලිමේන්තු 2/3 බහුතරයකින් එම විසුරවීම කළ හැකි බව සංශෝධිත ව්‍යවස්ථාවේ දැක්වේ.

නමුත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සැසිය අවසන් කර අවස්ථාවක එම වගන්ති බලනොපාන බවත් ජනපතිට විසුරුවීමක් කළ හැකි බවත්ය.
මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පැවති තනතුරේදී ජනපතිගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නමුත් මෙම රජය මගින් මැතිවරණ කොමසාරිස් වෙනුවට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රිය පත් කරන ලද පසුව ඔහුගේ තනතුරු නාමය මෙන්ම බලතලද වෙනස් විය. තමන්ට ලැබෙන නියෝගයක් ප්‍රශ්න කිරීමේ බලය ඔහුට පවතී. කෙසේ වෙතත් තවම එවැනි නිල නිවේදනයක් නිකුත්ව නැත.