මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම බල රහිත කිරීමේ 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ නඩු විභාගය

අද 30 ඇරඹුනු අතර  තීන්දුව ලබාදීම දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තබා තිබේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා ඇතුළු හතළිස් නව දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ විධිමත්ව සම්මත වී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන වලට අනුව අධිකරණයට කිසිදු බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන් අතර පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.