https://www.gossiplankanews.com/2018/11/mahamaya-girl-medals.html#more
සුගිය දිනවල අන්තර්ජාලයේ සැරිසැරූ පදක්කම් සහිත ඇඳුම් ඇඳගත් පාසල් සිසුවියන් පිරිසකගේ ඡායාරූප පෙළ විවිධ විවේචන වලට බදුන් විය. මහනුවර මහාමායා බාලිකා විදුහලේ පිහිනුම් දක්ෂතා නිසා පදක්කම් දිනූ මෙම සිසුවියන් ලැබූ පදක්කම් අතැමුන්ගේ හාස්‍යයට බඳුන් විය. මේ තරම් පදක්කම් ගණනක් එක් වර්ණ රාත්‍රියකදී
එක් අයෙකුට ලබාගන්නට හැකිදැයි යන්නද ප්‍රශ්න නගා තිබුණි.
එහෙන් මෙහෙන් හුවමාරුවෙමින් පැවති මෙම ඡායාරූප පෙළ ගැන හරි විස්තරයක් හෝ නිවැරදි අවබෝධයක් බෝහෝ අයට ලැබුනේ නැත. නමුත් සත්‍ය තත්වය කියා පාන්නට ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණ තිබේ.
මහනුවර මහාමායා බාලිකා විදුහලේ පිහිනුම් ක්‍රීඩාවේ නියැළෙන මෙම දියණියන් පස්දෙනා සැබැවින්ම තමන් දුක් මහන්සි වී තම ආත්ම ශක්තිය විදහාලමින් මහමායා මවුන්ගේ නාමය බබළවන්නට අපමණ මෙහෙවරක් කළ අයයි. ඔවුන් එදා එසේ පැළඳ සිටියේ කුඩා කාලයේ සිට පිහිනුම් දක්ෂතා වලට ලැබුණ පදක්කම් සියල්ලයි.


ලංකාවේ පාසල් අතර පිහිනුම් අංශයෙන් වැඩිම කුසලතාව පෙන්වා ඇත්තේ මෙම විදුහලයි. පසුගිය විසි වසර පුරාවටම සමස්ත ලංකා පිහිනුම් ශූරතාවය දිනා ගන්නට මහනුවර මහමායා බාලිකා විදුහලට හැකිව තිබුණි.

 මහමායා බාලිකාවේ ප්‍රධාන පිහිනුම් උපදේශක සුදත් උයනහේවා මහතා මේ ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

'මම මහමායා බාලිකාවේ අවුරුදු දහනවයක් පිහිනුම් උපදේශක ලෙස කටයුතු කරනවා. එදා මෙදා තුර දක්ෂ දැරියන් රැසක් විදුහලෙන් බිහිවුණා.
ඒ අය ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ තරගවලදිත් වාර්තා රැසක් බිහිකළ දැරියන්. මේ සතියේ කතාබහට ලක්වුණු නිසලී දිසානායක, විනෝලි සිරිවර්ධන, තිළිණි

තෙන්නකෝන්, කේෂානි කෝනේෂරාජ් යන දැරියන් සිව්දෙනාම ජාත්‍යන්තර මට්ටමේ තරගවලටත් සහභාගි වූ දැරියන්. ඒ අය එක්ක ඉන්න නෙතුනි ද සිල්වා ජාතික මට්ටමේ තරගවලදිත් දක්ෂතා පෙන්වූ දැරියක්. මේ වගේ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ දැරියන් අසූදෙනකු පමණ පාසලට කීර්තියක් ගෙන දෙන්නට කටයුතු කළා.

සමස්ත ලංකා පිහිනුම් ශූරතාවය අවුරුදු විස්සක් එක දිගටම දිනාගන්න මහමායා බාලිකාවේ දැරියන්ට හැකිවුණා. මේ දැරියන්ගේ දක්ෂතාව පෙන්වන්න තියෙන්නේ තමන් දුක් මහන්සියෙන් දිනාගෙන ගෙදර තියෙන මෙඩ්ල් ටිකයි. කලර්ස් නයිට් එකට පැලඳගෙන ඇවිත් තමන්ගේ අභිමානය පෙන්වන්න තියෙන්නෙත් මේකයි. මේ

 අයව දැක්කම ජූනියර්ස්ලා තවත් මෝටිවේට් වෙනවා. ඒ මෝටිවේෂන්  එක අනාගතයට තවත් දක්ෂයන් බිහි කරන්න වැදගත් වෙනවා. ඇත්තටම මේ දරුවන්ගේ ගෙදරට ගියොත් ඇරෙන්න ඔවුන්ගේ දස්කම්වලට ලැබුණු පදක්කම් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ෆේස්බුක්වල මොනා ගියත් අපේ දරුවන්ගේ දක්ෂතාව තමයි විදහා
දක්වන්නේ'

පිහිනුම් ක්‍රීඩිකා නිසලි දිසානායක මේ ගැන මෙසේ කියා තිබේ.
'මම එකේ පන්තියේ ඉඳන් හතේ පන්තිය දක්වා හිල්වුඩ් එකේ ඉගෙන ගත්තේ. අවුරුදු හතේදී ලය ආර තරගාවලියෙන් ලංකාවෙන්ම පළවැනියා වුණා. ඒ නිසාම මාව එවකට මහාමායා බාලිකා විදුහල්පතිනිය හිටපු අයි. විතානච්චි විදුහල්පතිනිය විසින් මහාමායා එකට අරගත්තා. එතැන් පටන් වත්මන් විදුහල්පතිනි හිමාලි සේනාධීර මැඩම් යටතේත් අපි දක්ෂතා පෙන්නුවා.
නවය ශ්‍රේණියේදී සාර්ක් තරගාවලියේ පිහිනුම් තරග සඳහා යාමට සංචිතයටත් තේරුණා. 2016දී දකුණු ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ රටවල් හයක් සමග තරග කරලයි. ලංකාවේදීත් ශූරතා හතක් දිනා ගත්තා.
 ඒ වගේම දෙකේ පන්තියේ ඉඳන් සමස්ත ලංකා තරගවලින් එක, දෙක, තුන ස්ථානවලට
එන්න පුළුවන් වුණෙත් අපි කළ කැපවීම නිසයි. අපි උදේ පාන්දර 4.30 ඉඳන් ස්විමින් පැක්ට්‍රිස් කරලා රෑ 8.00-9.00 වෙනකම්ම එය ප්‍රගුණ කරනවා. ඒ මහන්සිය නිසා ලැබුණු මෙඩ්ල් තමයි අපි පැලඳගෙන ගියේ. මම මේ වෙනකන් මෙඩ්ල් තුන්සියයක් පමණ දිනාගෙන තියෙනවා.'