පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර සහතික කර තිබේ.
ආණ්ඩුවට වසර හතර හමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට එවැන්නක් කළ නොහැති බව ව්‍යවස්ථාවේ
පැහැදිළිව සඳහන්වන අතර

ඒ අනුව එසේ කළ හැක්කේ 2020 මාර්තු මාසයේදී පමණි.
අද දින අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සූදානමක් ඇති බවට ආරංචියක් පවතින බවයි.
මේ අතර අද ආන්ඩු පක්ෂ කන්ඩායමේ රැස්වීමට එක්වු අගමැති මහින්ද රාජපක්ෂද මෙම කතාව ප්‍රතික්සේප කලේය.