https://www.gossiplankanews.com/2018/11/gotabhaya-ranil-meet-at-templetrees.html#more
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඊයේ (01) සවස අරලියගහ මන්දිරයට ගොස් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී

සාකච්ඡාවක් පවත්වා ඇති බව දේශපාලන ආරංචි තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් එම සාකච්ඡාව කුමක් අරභයා සිදු කරන ලද්දක්දැයි නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැති අතර රට තුළ මතුව තිබෙන දේශපාලනිත අවුල් ජාලය යහපත් ආකාරයකට විසඳාගන්නේ කෙසේදැයි එහිදී සාකච්ඡාවී ඇති බව කියැවේ.
මෙම සාකච්ඡාව ගැන මත දෙකක් මේ වනවිට සමාජ ජාල වල පැතිරේ. ඒ ගැන එජාපයට සමීප ආරංචි වාර්තා කර  ඇත්තේ

ගෝඨාභය රනිල්ට කියා ඇත්තේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බව හා එම නිසා මෙම මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් කළ බවය. එසේම රනිල් එයට පිළිතුරු ලෙස පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව ‍රැස් කර එහිදි තීන්දුවක් ගන්නා බවය.

සාකච්ඡාව ගැන රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වන ආරක්ෂක පියවරයන් පිළිබඳව පමණක් සාකච්ඡා කර ඇති බවය.