https://www.gossiplankanews.com/2018/11/geetha-crying-media.html#more
නිදහස් කලා සන්ධානය ඊයේ (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රවීණ නිළි හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය හඩා වැලපෙමින් කියා සිටියේ
ජනතාව නිසා තමා දික්කසාද වන බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තමන් ස්විට්සර්ලන්ත පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවත් ඒ නිසාම තමන්ගේ වසර 37ක විවාහ ජීවිතය අවසන් කිරීමට සිදුවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

එය තම ජීවිතයේ ගැනීමට සිදුවූ අමාරුම

තීන්දුව වූ බව පැවසූ ගීතා කුමාරසිංහ මහත්මිය මේ මස 26 වනදා තමන් උසාවියේදී තම දික්කසාදයට අත්සන් තබන බව ද ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් ගීතා කුමාරසිංහගේ ස්විස් විවාහය බිඳී ගොස් කලක් ගතවන බවත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඇය සැමියා සමග වාසය කර නැති බවත් මින් ඉහත වාර්තාවී තිබුණි.

ඊයේ මාධ්‍ය හමුවේදී ගීතා වැඩිදුරටත් කියා සිටියේ පියසේන ගමගේ වැනි ආත්මගෞරවයක් නොමැති පුද්ගලයකු තමන් වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසීම පිළිබඳව තමන් පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයේ ම ජනතාව කණගාටු වන බවයි. ඇය ඇගේ දුක කියා සිටියේ කඳුළු පිසිමිනි.

ඇය විවාහ ජීවිතය අවසන් කළ ලේඛන හා ස්විස් පුරවැසිකම අත්හළ ලියවිලි අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවී භාර දෙන බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයට තරග වදින බවත් ප්‍රකාශ කරන ලදි.