මේ වනවිට ලංකාව තුළ ගෑස් බෙදාහැරීමේ ගැටලුවක් පැනනැගී ඇති බවටත් රට තුළ කිසිදු ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවටත් කටකතාවක් පැතිරෙමින් පවතී. නමුත් එවැනි හිඟයක් නොමැති බව පාරිභෝගික
කටයුතු පිළිබඳ අධිකාරිය

දන්වා සිටියි.
එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ගෑස් සමාගම්වලින් කළ විමසීම් වලදී හිඟයක් නොමැති බවට සමාගම් විසින් තහවුරු කරනු ලැබූ බවයි.
කෙසේ වෙතත් යම් යම් ප්‍රදේශ වල ගෑස් හිඟයක් ඇතිව තිබේ. එලෙස තොරතුරු වාර්තා වූ ප්‍රදේශ වෙත බෙදා හැරීම් කඩිනම් කරන්නැයි, ඒ ඒ සමාගම් වෙත උපදෙස් දී ඇත.