විවාහක තිදරු මවක සමග අනියම් සම්බන්ධයක්‌ පවත්වා ඇයගෙන් වංචනික ලෙස රුපියල් පන් ලක්‍ෂ
හැත්තෑතුන් දහසක්‌ ලබා ගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට අනුයුක්‌තව

සේවය කරනු ලබන කොස්‌තාපල්වරයෙක්‌ ඊයේ (21 දා) නිල ඇඳුම පිටින්ම ගාල්ල කොට්‌ඨාස අපරාධ
විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අංඩගුවට ගෙන ඇත්තේ තිස්‌ හතර හැවිරිදි අවිවාහක කොස්‌තාපල්වරයෙකි.

සැකකාර කොස්‌තාපල්වරයා වඳුරඹ පොලිසියේ සේවය කරන කාලයේ එම ප්‍රදේශයේ විවාහක තිදරු
මවක්‌ සමග අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බවත් එසේ සිටියදී සැකකරු ඇයගෙන් වරින් වර
රුපියල් පන් ලක්‍ෂ හැත්තෑතුන් දහසක්‌ ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.


පසුව සැකකරු ඇය නිට්‌ටඹුව ප්‍රදේශයේ නිවසක නතර කොට එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවට
යවා ඇති අතර එහිදී ඇය සැකකරු සමග ආරවුලක්‌ ඇති කරගෙන තිබේ. පසුව ඇය තම සැමියා ළඟට යන
බව පවසා ආපසු නිවසට පැමිණ ඇතග එසේ පැමිණීමෙන් පසුව ඇයගේ සැමියා විසින් වඳුරඹ පොලිසියට
පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සැකකරු ගාල්ල පොලිසියට මාරුකර පරීක්‍ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

එම පරීක්‍ෂණ අනුව සැකකරු ගාල්ල පොලිස්‌ ස්‌ථානයේ සේවයේ යෙදී සිටියදීම ඊයේ මෙසේ අත්අඩංගුවට
ගෙන ඇත. නිල ඇඳුම පිටින්ම පොලිස්‌ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු කෑ කෝ ගසමින් සිටිනු දක්‌නට
ලැබිණිග සැකකරු ඊයේ (21 දා) ගාල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති චන්දන අලහකෝන්ල ගාල්ල පොලිස්‌ අධිකාරී අනුරුද්ධ බණ්‌ඩාර
හක්‌මනගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌
පරීක්‍ෂක උදය සෙනවිරත්න මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අහංගම - සුගතපාල දීයගහගේ