අද (20) දින ලෝකය පුරා ෆේස් බුක් හා ඉන්ස්ටග්‍රෑම්
පරිශීලකයින්ට එ් වෙත ළඟා වීමට අපහසුතා ඇති කර තිබෙන බව වාර්තාවේ. මෙම බිඳ වැටීමේ තත්වය තුළ ෆේස් බුක් මුල් පිටුවට ලොග්වීම අපහසු වීම හෝ නැරඹුම් සිදු කරන අතර “service unavailable” පණිවිඩය දිස්වන බව කියැවේ. එසේම මැසෙන්ජර් පණිවිඩ සේවාවද විවිධ දුර්වලතා පෙන්නුම් කරයි.


කෙසේ වෙතත් මේ දෝෂයන් ගැන ආයතනය දැනුවත් බවත් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට වෙහෙස ගන්නා බවත් ෆේස් බුක් සමාගම නිවේදනය කර තිබේ.