විදේශීය කාන්තාවකගේ බවට සැක කරන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම බොල්ගොඩ ගඟෙහි රක්ෂිතය තුළ තිබී අද (04) හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට  ලද තොරතුරක්  අනුව මෙම කදින් වෙන් වු හිස සොයාගැනීමට හැකිවී තිබේ.

මෙය චීන හෝ තායි කාන්තාවකගේ බවට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි.

දින දෙක තුනකට පමණ ඉහතදී වෙනත් ස්ථානයකදී ඝාතනය කර හිස කොටස මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි. කඳ සොයා පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය සඳහන් කළේය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Pics courtesy -lankadeepa.lk