https://www.gossiplankanews.com/2018/11/Sri-Lankan-Women-Collective-protest.html#more
යේ (28) සවස ධාරානිපාත වර්සාව මාධ්‍යයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් නමැති එකමුතුව කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාගමනක් හා විරෝධතා ලියුමක් භාරදීම සිදු කළේ
ඇතිව තිබෙන දේශපාලන අර්බුදය ජනපති මැදිහත්වී ඉක්මණින් විසඳන ලෙස ඉල්ලමිනි.

මෙහිදී මීටර ගණනක් දිග සාරියක සිය විරෝධතා සටන් පාඨ සටහන් කර එම සාරි පොට පිරිස අල්ලාගෙන විරෝධතා පාගමන පැවැත්වූ අයුරුත් පසුව ජනපතිට යොමු කළ සංදේශය සංකේතාත්මක ලෙස ලියුම් කවරයක ආකාරයට සටහන් තැබීමත් විශේෂිතය.

මෙ සඳහා සමනලී ෆොන්සේකා, සුජානි මේනකා,නදී කම්මැල්ලවීර,චාන්දනී සෙනෙවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු ටෙලි නාට්‍ය නිළියන් කිහිපදෙනෙකුද එක්ව සිටිනු දක්නට ලැබුණි. අධික වැසි මැද තෙමෙමින් ඔවුන් සිය විරෝධතාව දක්වා තිබුණි.