https://www.gossiplankanews.com/2018/11/5-parliament-meeting.html

ද දින පාර්ලිමේන්තුව ආරම්භ වී මිනිත්තු 5 කින් සභාව කල් තබා තිබෙන අතර යළි 23 වනදා (සිකුරාදා) දක්වා කල් තබා තිබේ. මෙම සතිය ඇතුළත නිවාඩු දින කිහිපයක් යෙදීමත් තේරීම් කාරක සභා වලට
රැස්වන්නට අවශ්‍යතාව

තිබීමත් නිසා මෙලෙස කල්තබා තිබේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර අද කතානායක කරු ජයසූරිය පැමිණියේ නැත.අද පාර්ලිමේන්තු ගැලරියටද බාහිරින් පිරිස් පැමිණිම නවතා දමා තිබුණි.
පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පක්ෂ නායක රැස්වීමේදී අදම විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නට යෝජනා වුවත් එයට ආණ්ඩුව තදින්ම විරුද්ධවී ඇත.

ඊයේ ජනපතිවරයා දැන්වූ පරිදි ඉලෙක්ට්‍රෝනික හෝ නමින් ඡන්දය විමසීමේ ක්‍රමයක් මත විශ්වාසභංගය ගෙන ඒමට අවශ්‍ය බව පක්ෂ නායක රැස්වීමේදී රජයට සම්බන්ධ අය කරුණු දක්වා තිබුණි. එය උපායශීලී අදහසක් බව තේරුම් ගෙන ඇති නමුත් විධිමත් ක්‍රමය අවශ්‍යම යයි කියන නිසා දින 5 ක් ගතවන විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්නට ඒ අනුව අද යෝජනා විය. ඉදිරි දින කිහිපය තුළ එම යෝජනාවට අදාළ කරුණු සිදුවනු ඇත.

අද පාර්ලිමේන්තුවට ආණ්ඩු හා විපක්ෂ දෙපිරිසම පැමිණ තිබුණි.