https://www.gossiplankanews.com/2018/11/2019-budget-get-lost.html
දේශපාලන බල පොරයක තීන්දුවක් ලෙස පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනපතිවරයා කටයුතු කිරීම නිසා 2019 වසර සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර අදාළ අංශ සඳහා මුදල් වෙන්කිරීමට අවස්ථාව අහිමි විය.
හිටපු ඇමති මංගල සමරවීර සකස් කළ
අයවැය 2018 නොවැ 5 වනදා ඉදිරිපත් කිරීමට

නියමිතව තිබූ අතර ඔක් 26 වනදා ජනපතිවරයා විසින්  රනිල් ඇතුලු ඇමති පිරිස ඉවත් කිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ අයවැය වෙනුවට තාවකාලිකව ඉදිරිපත් කරන විසර්ජන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ 14 වනදා පාර්ලිමේන්තු සැසිවාරය නැවත ඇරඹීමෙන් පසුය.

කෙසේ වෙතත් පෙරේදා (9) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති කටයුතු කිරීමත් සමග පාර්ලිමේන්තුවේ වැදගත්ම කාර්යය වන අයවැය සම්බන්ධ සාකච්ඡාව අන්තරාස්ධාන විය. රට කරගෙන යාමේ වගකීම පිලිබඳ රාජ්‍ය නායකයින් තුළ ඇති ආකල්ප මෙම සංසිද්ධියෙන් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

දැනට මුදල් අමාත්‍ය ධූරය දරන්නේ අගමැති ලෙස තේරීපත්ව සිටින මහින්ද රාජපක්ෂයි. පාර්ලිමේන්තුව විසුරුවා ඇති තත්වයක් තුළ
ජනපති බලතල ප්‍රකාරව ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් යම් කිසි ක්‍රමවේදයක් නොපැවතුනොත් 2019 රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි පවා බේරුම් කිරීමට හැකියාවක් නැත. ව්‍යාපෘති සියල්ල අතරමග නතරවේ.
ජනවාරි 19 වනදා අරඹන්නට නියමිත නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් රටේ වැඩ ඇණ හිටිනු ඇත.