https://www.gossiplankanews.com/2018/11/121-gov-failed.html#more
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීමට පැවති සාකච්ඡාවලින් අනුව අද ආණ්ඩුවට 5 ක් හා විපක්ෂයට 7 ක් බහුතරය අනුව නම් කිරීම කතානායකවරයා සිදු කළේය. ආණ්ඩු පක්ෂයට අඩුවීම ගැන එම මන්ත්‍රීවරුන් විරුද්ධ විය.
 ඒ අනුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නට කතානායක තීරණය කළ අතර මන්ත්‍රීවරුන්ගෙන් කළ ඡන්ද විමසිමේදි එක්සත් ජාතික පෙරමුණ ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ
තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පිළිගන්නා ලෙසට ඡන්ද 121ක් ලැබුන අතර ඊට විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබි තිබුනේ නැත.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වු අර්බුදය විසදිම සදහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසිමට කතානායක කරු ජයසුරිය තිරණය කිරිමත් සමග විමල් වීරවංශ

කෑගසා විරුද්ධ විය. නමුත් කතානායක සිය තීරණය වෙනස් කළේ නැත.ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් ඉවත්ව ගියා.

“පාර්ලිමේන්තුවේ අගමැතිවරයකු නැතැයි ඔබ ප්‍රකාශයක් කර තිබෙනවා. ආණ්ඩුව කියන අයට මම කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා. ඔවුන් තවම බහුතරය පෙන්වලා නෑ. බහුතරය පෙන්නුවොත් අපි බලතල දෙනවා” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළා.

“හඳපානේ ජනාධිපති ඇවිත් අගමැති ගෙනත් ආණ්ඩු හදන ඒවා තමයි කැලෑ නීති. මේ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්නයක් තිබේ නම් පාර්ලිමේන්තුවේ තමයි තීරණය ගත යුත්තේ. ඒ සඳහා නමින් ඡන්දයක් ඕනෑ.” යැයි අනුර කුමාර දිසානායක සදහන් කළා.

මේ අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්සය නැතිව ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට කරද්දී 121 කින් තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පිළිගන්නා ලදි.
පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය ආණ්ඩු පක්ෂ කණ්ඩායම පරිශ්‍රයේ වෙනත් රැස්වීමක් පවත්වමින් සිය මතය මාධ්‍ය වෙත කියමින් සිටී.
මේ අතර අනුරකුමාර මන්ත්‍රීවරයා කතාවක් පවත්වා පසුව සවසට පාර්ලිමේන්තුව කල් තබා තිබේ.