බස් ගාස්තු අද (8) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2 කින් අඩු කිරීමට පෞද්ගලික බස් රථ හිමියන් එකග වූ බව ජාතික ගමනා ගමන කොමිෂන් සබාවේ සභාපති ඉංජිනේරු එක.ඒ.පී.

චන්ද්‍ර මහතා පැවසීය. පෞද්ගලික බස් සංගම් නියෝඡිනයන් සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අතර ඊයේ (7) පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බව ද ඔහු කීය.
සියයට 2 ක බස් ගාස්තු අඩුවිම රුපියල් 12 ක් වන අවම ගාස්තුවට හෝ රුපියල් 15 ක් වන දෙවැනි

ගාස්තු අවස්ථාවට හෝ රුපියල් 20 ක් වන තෙවැනි ගාස්තු අවස්ථාවට බලනොපාන බවත් එය බලපාන්නේ රුපියල් 20 සිට ඉහළ ගාස්තුවලට බවත් හේමචන්ද්‍ර මහතා කීය.
නව රජය මඟින් ඩිසල් ලීටරයක මිල රුපියල් 7.00 කින් අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීමට  නව රජයට සහයෝගයක් සහ කෘතගුණ සැලකීමක් වශයෙන් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසීය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ රජය ඩිසල් මිල රුපියල් 7.00කින් අඩු කිරීම් නිසා එම සහනය ජනතාව ලබාදීමට බස් ගාස්තු අඩු කිරිමට සංගමය තීරණය කළ බවය. තෙල් මිල වැඩි කරනවිට බස් ගාස්තු වැඩි කරන්නා සේම තෙල් මිල අඩු කරනවිට එම් වාසිය ජනාතාවට ලබාදීම සඳහා බස් ගාස්තු අඩු කිරීම සංගමයේ ස්ථාවරය බවද ගැමුණු විජේරත්න මහතා කීය.
එසේම දැනට අහෝසි වී තිබෙන බස් ගාස්තු ප්‍රතිපත්තිය මාස තුනකින් නැවත ක්‍රියාත්මක කිරීමේ හා ඩිසල් මිල යළි වැඩි වුවහොත් බස් ගාස්තු වැඩි කිරීමේ කොන්දේසිය මත ගාස්තු අඩු කළ බව ද එම කොන්දේසියට එකග වූ බවද ජාතික ගමනා ගමන කොමිසම් සභාපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගත් බව ද ඒ මහතා කීය.
(මහින්ද නිශ්ශංක)