ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍ය වාර මැතිවරණ ප්‍රතිඵලය අනුව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ.

මෙය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙන්ම, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට කණේ පහරක් බඳු යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


මෙසේ වසර 8කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය සියතට ගැනීමත් සමග ජනපති ට්‍රම්ප්ගේ අත්තනෝමතික න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව දැන් ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හැකි වී තිබේ.

පෙරේදා (06දා) පැවති මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙසද විචාරකයෝ හඳුන්වා තිබුණි.

මෙම පරාජයෙන් පසු සිය පිරිස ඇමතීමෙන් පසු ජනමාධය වාර්තාකරුවන් ට්‍රම්ප්ගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී පරාජිත මානසිකත්වයෙන් සිටි ට්‍රම්ප් ඔහු බලයට පත්ළුූ දා සිට පහරගසමින් සිටිි සීඑන්එන් මාධ්‍ය වෙනුවෙන් පැමිණි වාර්තාකරුට බැණවැදුනේය.