එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යෑමෙට හෙට උදේ 8
වන තුරු  කාලය ලබා දෙන බවත්,

එසේ ඉවත්ව නොගියහොත් නීත්‍යනුකූලව ඔහු ඉවත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ ආණ්ඩුවෙන් හදපු විශේෂ මහාධිකරණයට බැඳුම්කර හොරු ගෙනන බව ද ඔහු කීවේය.
‘ආණ්ඩු බලය නැතිව  සෙනඟ ගෙනත් ගාලුමුවදොර පිරෙව්වා නම් ආණ්ඩුබලය තියෙද්දි කරන්න පුලුවන් දේවල් හිතාගන්න පුලුවන්.‘  යැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.