වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දුම්රියක ගැටී වන අලියෙකු බරපතළ තුවාල ලබා තිබේ.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ,

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ  නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ වන අලියා ගැටී ඇති බව ය.

අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කැඳවා ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් අලියා ගැටීමෙන් දුම්රිය ධාවනයට බාධාවක් සිදුවී නොමැති අතර අදාළ දුම්රිය මේ වන විට කොළඹට ළඟා වෙමින් ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.