වෝග් ජුවලර්ස් සඳහා නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ දැනට ප‍්‍රචාරය වන පැරණිතම වෙළඳ දැන්වීම් කාව්‍යය  සුප‍්‍රකට බොලිවුඞ් ගායක සෝනු නිගම් නැවත ගායනය කිරීමට පසුගියදා ඔහු දිවයිනට පැමිනි අවස්තාවේ උත්සාහ කළේය.
1962 වසරේදී ආරම්භ කරන ලද වෝග් ජුවලර්ස්, සිය මුල් වසරේදීම මෙම ස්වර්ණමය වෙළඳ දැන්වීම් කාව්‍යය (‘ජින්ගල්’) නිපදවා ඇති අතර, අඛණ්ඩව දශක හයකට ආසන්න කාලාන්තරයක් මුලූල්ලේ ප‍්‍රචාරය වෙමින් වාර්ථාවක් තබා ඇත. මෑතකදී ජාත්‍යන්තර කීර්තියට පත්වී ඇති සුප‍්‍රකට බොලිවුඩ් ගායක සෝනු නිගම් විසින්
ගායනා කරමින් එයට නව මානයක් එක් කර ඇත. පසුගියදා එම සුපිරි ගායක සෝනු නිගම් කොල්ලූපිටියේ වෝග් ජුවලර්ස් ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට සහ ජනප‍්‍රිය සමාජ මාධ්‍ය වේදීන් සඳහා වූ විශේෂ සැඳෑවක් වෙන් විය.
සිංහල සංගීත ක්‍ෂෙත‍්‍රයේ අමරණීය ගීත රචක කරුණාරත්න අඛේසේකරයන් විසින් රචිත මෙම  වෙළඳ දැන්වීම් කාව්‍යයේ පද අදටත් ඉතාම උචිත ලෙස නිර්මාණය කර ඇත. අදටත් බෙහෙවින් ජනප‍්‍රිය සිංහල ගීත රාශියක සංගීත අධ්‍යක්‍ෂක වූ ටී. එෆ්. ලතීෆ් විසින් නිමාණය කර ඇති මෙම වෙළඳ දැන්වීම් කාව්‍යයේ තාලයද එය අසා ඇති සැමදෙනාගේ මතකයේ රැඳෙන ස්වභාවයක් ඇත. මුල්ම නිර්මාණය ප‍්‍රවීන සංගීත වේදී රූපා ඉන්දුමතී විසිනුත්, 1980 දශකයේ අග භාගයේදී එම තාලයටම සිංහල සංගීත ක්‍ෂෙත‍්‍රයේ රැජින ලෙස කිරුළ පළඳන කලාශූරී ලතා වල්පොල විසිනුත් ගායනා කරන ලදී. ඉන්පසු, 2000 දශකයේ මුල් භාගයේදී එය නැවතත් එම තාලයටම විශාරද නීලා වික‍්‍රමසිංහ විසින් ගායනා කළ අතර, එය අද දක්වා ප‍්‍රචාරය වේ. ඊට අමතරව, හුදෙක් යෞවනයන් කේන්ද්‍ර කරගනිමින්,සමාජ මාධ්‍යයන් ඔස්සේ ප‍්‍රචලිත කිරීමට කාවින්‍ද්‍යා අධිකාරී සහ නදීමාල් පෙරේරා විසින් එම වෙළඳ දැන්වීම් කාව්‍යය නව තාලයකට ගායනා කරන ලදී.


වෝග් ජුවලර්ස් නිර්මාතෘ, මුල්ම සභාපති, දිවංගත සරත් හේමචන්ද්‍රයන් විවිධ වූ වෙළඳ උපායන් සාර්ථක ලෙස උපයෝගි කර ගත් අතර, නොයෙකුත් දෑ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ඔහු විසින් හඳුන්වා දෙන ලදී.  සිය ආරම්භක වසරේ සිට නිරතුරුවම මාධ්‍යයන් ඔස්සේ සුප‍්‍රසිද්ධ දේශීය සහ විදේශීය නිරූපන ශිල්පිනියන් සහ සිනමා රංගන ශිල්පිනියන් යොදවා අති විශිෂ්ට ස්වර්ණාභරණ සංකල්පයන් ඉදිරිපත් කර ඇත.

එදා එම දැන්වීම ප‍්‍රචාරය වූයේ ‘සිංහල වෙළඳ සේවය’ ඔස්සේය. ඒ, ලොව පුරා සුපතළ, ආසියාවේ ප‍්‍රථම මෙන්ම, ලෝකයේ දෙවෙනි ගුවන් විදුලි සේවය වූ ‘රේඩියෝ සිලෝන්’ ලෙස එවකට හැඳින්වූ අප ඓතිහාසික ගුවන් විදුලි සේවයේ සිංහල සේවයයි. එමෙන්ම, සුප‍්‍රකට බොලිවුඞ් ගායක සෝනු නිගම් විසින් මෙම වෙළඳ දැන්වීම් කාව්‍යය ගායනා කිරීමද සුවිශේෂී වන්නේ ලාංකික දැන්වීමක් සඳහා විදේශීය ගායකයෙකු සහභාගී වන ප‍්‍රථම වතාව වීමෙනුයි.

වෝග් ජුවලර්ස් දශක හයකට ආසන්න සිය දීප්තිමත් ගමන අභිමානයෙන් පෙරටම යන්නේ සිය ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙසටයි. ඒ, ස්වර්ණාභරණ ක්‍ෂෙත‍්‍රයට නව මානයන් එක් කරමින්ය. නිරන්තරයෙන්ම නවීනතම මෝස්තර, නව නිර්මාණ සංකල්ප හඳුන්වා දෙයි. ඉහළම ප‍්‍රමිතියේ කැරට් 22 මංගලාභරණ සඳහා ප‍්‍රමුඛතම නාමයත්, ලංකාවේ පුලූල්තම මංගලාභරණ එකතුවත්,දැවැන්තම ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනාගාරයත් විශිෂ්ටත්යටම කැප වූ වෝග් ජුවලර්ස් සතුයි. ජාත්‍යන්තර සහ දේශීය සම්මාන ඉහළම සංඛ්‍යාවක්  දිනාගෙන ඇති ලාංකික ස්වණාභරණ සමාගම වන්නේ ISO 9001: 2015 තත්ත්ව සහතිකය ලත් ලොව ප‍්‍රථම සහ ලංකාවේ එකම ස්වණාභරණ නිෂ්පාදක සමාගම වන්නේද වෝග් ජුවලර්ස්ය