රෝග විනිශ්චය සඳහා ලේ ලබා ගැනීමට යොදා ගනු ලබන සිරින්ජර් කටුවලින් විනෝදයට ඇනගත් බව කියන මාරවිල රජයේ පාසලක සිසුන් 21 දෙනෙකු පරික්ෂණවලට භාජන කිරීම් සඳහා හලාවත මුලික රෝහලට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරසි.

සිරින්ජර් කටුවලින් ඇන ගැනීම නිසා මෙම සිසුන් 21 දෙනාගේ සිරුරුවලට කිසියම් විසක් ඇතුළු වී ඇති දැයි යන්න තහවුරු කර ගැනීමට ඔවුන් සියලු දෙනාගේ ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබාගත් බව හලාවත රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
රෝහල් වෛද්‍ය රසායනාගාරයේදී මෙම ලේ සාම්පල පරීක්ෂණවලට ලක් කිරිමට නියමිතයි.
මාරවිල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක 7 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු ලේ පටල ලබා ගැනීමේ කටු පැකට්ටුවක් ගෙනැවිත් ඇති බව විදුහල් ආරංචි මා සඳහන් කරයි.
මෙම පැකට් එකක් තිබු කටු

7 සහ 8 වසරවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් රැගෙන විනෝදයට විඳගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
විදුහල්පතිනියට බව සැලවී ඇය එම කටු සියල්ල එකතු කරගෙන මේ බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පැමිණිලි කළ බව එම විදුහලේ ප්‍රකායකයෙක් කීය.
 එම සිසුන් මාරවිල මූලික රෝහලට යොමු කිරීව වෛද්‍ය නිලධාරිවරයා විදුහල්පතිනියට උපදෙස් දීමෙන් පසුව වෛද්‍යවරයා නිකුත් කළ ලිපියක්ද සහිතව එම සිසුන් අතරින් දහ දෙනෙකු පරීක්ෂණවලට ලක්කිරිමට මාරවිල රෝහලට පසුගිය සිකුරාදා (12) යොමු කර ඇත.
මාරවිල රෝහලෙන් එම සිසුන් හලාවත රෝහලට යොමු කළ බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියන්ද දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව කටුවලින් විඳගත් තවත් සිසුන් 11 දෙනකු සෙනසුරාදා හලාවත රෝහලට රැගෙන ගොස් ඇති බව පැවසේ.
එම සිසුන්ගේ ලේ සාම්පල පරික්ෂණ සඳහා ලබාගත් බව හලාවත රෝහලේ එම වෛද්‍යවරයා පැවසීය.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)