පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රී ලංකාවේ  කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදීම් සිදු කර නැති බව
 තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

“ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂිත බව

පිලිබඳ ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කරලා තියෙනවා. අපේ ක‍්‍ර‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිසි කෙනෙක් ගිය අවුරුදු 10 දී කිසිම තරඟයක් පවා දුන්නෙ නැහැ කියලා මම වගකීමෙන් කියනවා. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ හෝ ලංකාවේ ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහෙම වාර්තා වෙලා හෝ සාක්ෂියක් හෝ ලැබිලා නැහැ.”

“රුපියල් බිලියන 04ක ණයක් තිබුණ ක‍්‍රිකට් පාලක මණ්ඩලයක් අපි භාර ගත්තේ. අපි බිලියන 2.5ක තැන්පතුවක් තියලා තියෙනවා. එහෙම තිබුණ ආයතනයක් සහ ක‍්‍රීඩකයින් ෆයිසර් මුස්තාෆා මහතා උස්සලා පොලවේ ගහනවා.”

“අල්ජසීරා ආයතනය අපිට දිගින් දිගටම පාවාදිම් ගැන චෝදනා කළා. එම වීඩියෝ ඔවුන් අයි. සී. සී එකට දුන්නේ නැහැ. ඔවුන් යුද්ධය ගැන අල්ලගෙන 2012 දි අපේ රටටත් මේ වගේ පහර දුන්නා.”

“අපේ ක‍්‍රීඩකයන් ගැන හිතන්නේ නැතුව රටේ ගෞරවය ගැන හිතන්නේ නැතුව ක‍්‍රිඩාව දූෂිතයි කියලා ක‍්‍රීඩා ඇමතිතුමා කියනවා. දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න මේ කරන කැත වැඩ අපි හෙලා දකිනවා”