නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක් අසල දී රංගන ශිල්පී තිලක් ජයවීර මහතා පෙරේදා (29) පිහියකින් ඇනීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මිරිහාන
පොලිසිය කියයි.
තුවාල ලද තිලක් ජයවීර මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. සමාජ ශාලාවට ඉකුත් සිකුරාදා රාත්‍රී එකොළහට පමණ පැමිණ සිටි රංගන ශිල්පී තිලක් ජයවීර මහතා සෙනසුරාදා අලුයම හතරයි තිහට පමණ එයින් පිටව යාමේදී
මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි

පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් පහළිවී ඇත. පිහියෙන් ඇන්න පුද්ගලයා ඩෙනිම් කලිසමක් හා සුදු පාට ටී ෂර්ටයක් හැඳ සිටි බවත් ඔහු පිහියෙන් ඇන පලා යන අවස්ථාවේ සමාජ ශාලාවේ පාලකයෝ ලොක්කා යනුවෙන් කෑ ගැසු බව රංගන ශිල්පී තිලක් ජයවීර මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.
පිහියෙන් ඇනීමට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැති අතර පැරණි ආරවුලක් මිට හේතුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
පිහියෙන් ඇන්න බව කියන සැකකාර සමාජ ශාලා සේවකයා. ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)