https://www.gossiplankanews.com/2018/10/saudi-media-khashogi.html#more
සුගියදා ලෝකයේ ආන්දෝලනයක් ඇති කරමින්  තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලයේදී අතුරුදන්වූ බවට වාර්තා පළවූ ඇමරිකානු වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සවුදි ජාතික
මාධ්‍යවේදී ජමාල් කෂෝගි එකී කාර්යාලය ඇතුළත ඇතිවූ ගැටුමක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව සවුදි රජය ප්‍රථම වරට පිලිගෙන තිබේ. ඒ බව සවුදි අරාබි ජාතික රූපවාහිනී නාලිකාව මීට පැය කිහිපයකට පෙර විශේෂ හෙළිදරව්වක් යයි දක්වමින් නිවේදනය කර තිබේ.
එම ගැටුම ඇතිවූ ආකාරය ගැන වැඩිවිස්තර පළ කර නැති අතර එහි මෙසේ සඳහන් විය.
"An argument erupted between him [Khashoggi] and others whom he met in the Saudi consulate in Istanbul leading to a fist fight which led to his death,The investigations are still under way and 18 Saudi nationals have been arrested"

කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි මියගොස් ඇති අතර ඒ ගැන පරීක්ෂණතවම සිදුවේ 18

දෙනෙකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. යන්න ඔවුන් ගේ නිවේදනය පැහැදිලි කර තිබේ.
මෙම සිදුවීම මුල් කරගනිමින් සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර ඇති බවද එහිදී කියැවිණි.

සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගි දැඩි ලෙස සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු විවේචනය කර සවුදි ආරාබියෙන් බැහැර ජීවත්වූ අතර ඔහු මරණයට පත්වන්නේ තමන්ගේ විවාහ ලියාපදිංචිය සම්බන්ධ ලිපිලේඛන කටයුත්තකට තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවකදීය. 

එම ගමන යන්නට පෙරාතුව සිටම එහි යාමට ඔහු බියක් දක්වා තිබුනේ ඔහු  සල්මන් කුමරු විවේචනය කළ නිසා මතුව තිබූ තර්ජන නිසාය.
කාර්යාලයට ඇතුළුවන සීසීටීවී දර්ශන තිබුනත් පිටවන දර්ශන හමු නොවීම මත මේ ගැන ලෝක අවධානය යොමු විය. එදින එම කාර්යාලයට පැමිණි ආගන්තුක කන්ඩායමක් කලු පැහැති වෑන් රථයකින් ඔහුගේ මළ සිරුර රැගෙන ගියා යයි සැක කෙරෙන දර්ශනද පසුව හමු විය.

ඇමරිකාවේ පදිංචිව සිටිමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට වැඩ කළ මාධ්‍යවේදියෙකුවූ නිසා මොහුගේ අතුරුදන්වීම ගැන ජනපති ට්‍රම්ප් පවා කතා කළ අතර ඇමරිකාව හා සවුදි අරාබිය අතර ජාත්‍යන්තර මට්ටමේ විරසකයක් ගොඩනැගෙන සිදුවීමක් බවට පසුව මෙය පරිවර්තනය විය.
මුල සිටම සවුදි රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ නමුත් ජාත්‍යන්තර පීඩනය හමුවේ මේ ගැන පරීක්ෂණ ඇරඹූ අතර අද වනවිට මාධ්‍යවේදියා ඝාතනය කළ බව ඔවුනට පිළිගන්නට සිදුව තිබේ.

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුගේ ප්‍රබල විවේචකයකු මේ ආකාරයට මානව අයිතිවාසිකම් කඩකරමින් ජීවිතක්ෂයට පත්කරවීම ඉදිරියේදී සවුදි අරාබියට ජාත්‍යන්තර වශයෙන් ගැටලු මතුකරවන්නට හේතුවිය හැකි බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් අනතුරු හඟවා තිබේ.මෙම සිදුවීම ‘කෘෘර ඝාතනයක්‘ යයි හඳුන්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කියා සිටියේ, සෞදිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමර්ග කොංග්‍රස් මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බවයි.