විදුලි බිලටද මිල සූත්‍රයක් සකස් කරමින් තිබෙන බවත්, එම සූත්‍රය මාසයකට වරක් සංශෝධනය කිරීමටද සැලසුම් කර තිබෙන බවත් ලංකා විදුලි සේවක සංගමය සදහන් කරයි.

විදුලිය පාඩු ලබන බවට

ආණ්ඩුව මේ වනවිට අදෝනාවක් නගමින් සිටින බවත්, ආණ්ඩුව මෙවැනි දේවල් සිදුකළද විදුලිය
සේවාවක් ලෙසට තවමත් පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා  සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයක් ගෙනැවිත් සෑම මාසයකදීම රට අවුලෙන් අවුලට පත් කරන බවත්, විදුලි බිලට මිල සූත්‍රයක් හඳුන්වා දීම හරහා සිදුවන්නේද මෙම ක්‍රියාව බවත් ඔහු පවසා සිටියේය.

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 60 ඉක්මවා තිබෙන බවත්, එම ප්‍රමාණයෙන් පාරීභෝගිකයන් ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන් බවත් ඒ මහතා සදහන් කළේය.

මේ නිසා විදුලි බිලට සූත්‍රයක් සකස් කිරීමට එරෙහිව ඉදිරියේදී ජනතාව සමග එක්ව ක්‍රියාමාර්ග ගන්නා බවත්, ලබන මාසයේ සිට මිල සූත්‍රය හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.