ආර්ජන්ටිනාවේ පැවැති 03 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 2000 බාලිකා බාධක දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් පාරමී වසන්ති ක්‍රීඩිකාවට හා ඇගේ පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා (22දා) කුලියාපිටිය නගරයේදී පැවැත්විණි.

පාරමී ඉගෙනුම ලබන කුලියාපිටිය

මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, එම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනූ එකම පදක්කම
මෙය වු අතර, ඒ හේතුවෙන් ක්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 206ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ  94 වැනි ස්ථානය හිමි විය. පාරමී දිනාගත් මෙම පදක්කම සැලකෙන්නේ වසර 11කට පසු ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් දිනාගත් පළමු
පදක්කම ලෙසයි. එමෙන්ම 2000 වර්ෂයේ පැවති සිඩිනි ඔලිමිපික් තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ රීදී පදක්කමක් (මීටර් 200) දිනාදීමෙන් වසර 18කට පසු ඔලිම්පික් මට්ටමින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ පළමු අවස්ථාව ලෙසද මෙය හඳුන්වාදිය හැකිය. ඇය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදීද මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වෙයි

කුලියාපිටිය - චාමර විමලරත්න