https://www.gossiplankanews.com/2018/10/inside-political-report-mahinda-ranil-maithri.html
යේ සවස ඇතිවූ ආණ්ඩු පෙරළිය සමග මේ වනවිට ලංකාවේ දේශපාලනය උඩුයටිකුරුවී තිබේ. රජයේ ඉහළ පෙළේ තනතුරු හෙබවූ නිලධාරීන් නව වෙනස සමග සිය රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් හතරඅතට තොරතුරු සොයමින් සිටින අතර බිම් මට්ටමේ දේශපාලනයට සම්බන්ධ
හා නැති ජනතාව සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගන්නට බැරිව සිටී.
මේ අතර 2015 මහින්දගේ පරාජයෙන් පසු ඔහු අහිමිවීමේ වේදනාවෙන් සිටි පිරිස් සහ රනිල් පාලනය යටතේ කලකිරී සිටි විශාල පිරිස් ඊයේ ඇතිවූ වෙනස සමග සැනසුම් සුසුම් හෙළන අතර රතිඤ්ඤා පත්තුකර සිය සතුටද පළ කර තිබේ.
රනිල් මෛත්‍රී අතර විවිධ විරසකකම් ගැන පසුගිය කාලයේ වරින්වර ආරංචිවූ නමුත් එක්වරම රනිල්ටත් නොකියාම සිකුරාදා සවසක මේ ආකාරයට ඔහුව නෙරපා දැමීම ආවාට ගියාට ලබාගත් තීරණයක් නොව ප්‍රබල හේතුවක් මත ලබාගත් තීරණයක් බවට මේ වනවිට දේශපාලන ක්ෂෙත්‍රයේ කථාබස් පැනනැගී පවතී.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තාවීම මෙම වෙනසට ප්‍රධාන හේතුව යයිද දේශපාලන ආරංචි පෙන්වා දෙයි.

ෆොන්සේකා විසින් මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදාළ උපදෙස් හා සැලසුම් ලබා දී ඇති බවත් ඒ සඳහා තවත් 48 දෙනෙකු ද සම්බන්ධව ඇති බවත් ඒ අනුව කියැවිණි.මෙම ඝාතන කුමන්ත්‍රණයේ ඔප්පු වීමෙන් අනතුරුව මෙම තීරණය ජනාධිපති මෛත්‍රිපාල විසින් ගෙන ඇති බව වැඩිදුර කියැවිණි. කෙසේ වෙතත් එවැනි ඝාතන ප්‍රයත්නයක් ගැන හඩපටි නැති බවටද මේ අතර වාර්තා විය.

තමන් මරණ තැනැත්තන් සමඟ කිසිදු අවස්ථාවක දේශපාලන කිරීමට සුදානම් නොමැති බව ජනාධිපතිවරයා විසින් දේශපාලනඥයින්ට පවසා තිබීමත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවේ සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කලකිරිමට පත්ව තිබීමත් මෙම ආසන්න තීරණයට බලපෑ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්  'නාමල් හා නාලක' සිද්ධියම නාටකයක් බවත් කූඹියෝ ජෙහාන්ගේ ගණයේ කුමන්ත්‍රනයක් බවටත් තවත් මතයකින් හෙළි කර තිබේ.

මේ අතර මෙම ක්ෂණික තීරණයට බලපෑවේ නාමල්-නාලක හුටපටයම නොව හුදෙක් පුද්ගලික දේශපාලන වාසිය තකා බල තණ්හාව බවටත් දේශපාලන අදහස් මතුව තිබේ.

මෛත්‍රිපාල ජනපතිවරයා 2015 දිවුරුම් දෙන අවස්ථාවේ තමා නැවත තරග නොවදින බව පැවසුවත් තනතුරේ සිටියදී සිතන පතන විදි වෙනස්කම් වලට ලක්ව තම පැවැත්ම වෙනුවෙන් වැඩකරන්නට පෙළඹුන බව ප්‍රකට කරුණකි.
2019 අවසානය වනවිට මෛත්‍රීපාල ජනපතිවරයාගේ වාරය අවසන්වීමත් ඔහු ශ්‍රිලනිප අපේක්ෂකයෙකු ලෙස නැවත තරගවැදීමෙන් කිසිදු වාසියක් නොලැබෙන බව පසුගිය පුංචි ඡන්ද ප්‍රතිඵල අනුවම ඔප්පුවී තිබීමත් මත තම පැවැත්ම තහවුරු කරගැනීමට ජනපතිවරයාට අවශ්‍යව තිබුණි.

ඒ අනුව ඔහුට යාහැකි එකම විකල්පය ජනතා ආකර්ෂණය දිනූ මහින්ද සමග එක්වීම වූ අතර 16 දෙනාගේ කන්ඩායමක් එලියට යවා විරුද්ධ මතයක් සකසා මහින්ද සමග නැවත එක්වීම සාධාරණය කරන පසුබිමක් නිර්මාණය කරවීමේ උපායක් ක්‍රියාත්මක වූ බවටද මත පළව තිබේ. විශේෂයෙන්ම ඊයේ නව අගමැති මහින්ද දිවුරුම් දෙන අවස්ථාවේ පසුපස සිනහසෙමින් සිටි පිරිස අතර වැඩිදෙනා එම කණ්ඩායමේ අයවලුන්වීමද කැපී පෙනිණි.