මාතර වෙරළ තීරයේ සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක බියවද්දා ඇය අපයෝජනයට ලක් කළ බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (24දා) විතාරන්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි.
මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.

අමතර පංතියකට සහභාගි වීමට මාතරට පැමිණ තිබූ ඇය සිය පෙම්වතා සමග මාතර වෙරළ තීරයට ගොස් තිබේ. අනතුරුව එම ස්ථානයට පැමිණි සැකකරු තමන් පොලිස් නිලධාරීයකු බව පවසා මසේ වෙරළ තීරයේ රැදී සිටීම තහනම් බවත්, එම නිසා කටඋත්තරයක් ලබා ගැනීමට පොලීසියට යා යුතු බව

පවසමින් සිසුවිය එම ස්ථානයෙන් රැගෙන ගොස්, කොටුවේගොඩ ප්‍රදේශයේදී ඇය අපයෝජනයකට ලක් කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. පසුව ඇය සමග සිටි 17 හැවිරිදි තරුණයාට මේ පිළිබඳ සැකසිතී ඔහු විසින් මාතර පොලීසියට කරන ලද පැමිණිල්ලුකට අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, විතාරන්දෙණිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ රියදුරෙකු ලෙස සේවය කරන බවත්, මීට පෙරද විවිධ අපයෝජන සම්බන්ධව ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබෙන බවට අනාවරණය වී ඇති බවත් පොලිස් උසස් නිලධාරීයක් පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  මාතර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(මාතර - මහේෂ් මලවර ආරච්චි)