සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන
තරග සංචාරයේ ඊයේ(24දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නොදැවී ලබාගත් ලකුණු 157 සමග එක්දින
ලකුණු 10,000 සීමාව ඉනිම 205කදී

පසුකරමින් අඩුම ඉනිම සංඛ්‍යාවකින් එම දස්කම කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙන්නට ඉන්දීය නායක විරාත් කෝලී සමත් විය.ඉනිම 05කදී එම කඩඉමට ළගා වූ කෝලී එක්දින ක්‍රිකට් ඉතිහසයේ එම සීමාව පසුකළ 13 වැනි ක්‍රීණ්ඩකයා මෙන්ම 5 වැනි ඉන්දීය ක්‍රීඩකයා වන්නටද සමත් වීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට සමත් වූයේ ඉනිම 25කදී එම කඩඉම පසුකළ හිටපු ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුර්කාර්ය. තවද වේගවත්ම ලකුණු 10,000 පසුකළ වාර්තා ලැයිස්තුවේ ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ටී.එම්. දිල්ශාන් (9 වැනි ස්ථානය), කුමාර් සංගක්කාර (10වැනි ස්ථානය), සනත් ජයසූරීය (2 වැනි ස්ථානය) මහේල ජයවර්ධන (13 වැනි ස්ථානයට) ඇතුළත්ව ඇත. කෙසේ වෙතත් මේ වන විට 29 වැනි වියේ පසුවන විරාත් කෝලී තම එක්දින ක්‍රිකට් දිවියේ ශතක 37ක් ම අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 59ක සමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව සිටීමද ඔහුගේ විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කරයි.