https://www.gossiplankanews.com/2018/10/dikwella-speaks-about-kusal-mendis.html
ප්‍රේක්ෂකයන් කණ්ඩායම ගැන බලාපොරොත්තු තබාගෙන සිටින බවත්, කිසිවෙකුත් තරග පරදින්නට ක්‍රීඩා නොකරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසිය. ශ්‍රී ලංකාව හා
එංගලන්තය අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පෙරේදා (17දා) රාත්‍රියේ අවසන් වූ තෙවැනි එක්දින තරගයේ පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් දික්වැල්ල.

" තරග පරාජය බලන අයට වගේම අපිටත් කනගාටුවක්. ඒ වගේම රාත්‍රියේ පන්දු යවන්නත් අපහසුතාවක් තිබුණා. අපි එක් අවස්ථාවක කඩුලු 02ට ලකුණු 82ක් තිබුණත් එක්වරම ඒක කඩුලු 04කට 92 ක් වුණා. තිසරටතවත් පන්දුවාර 05ක් 6ක් බැට් කරන්න ලැබුණා නම්, අපට ලකුණු 180ක් 190ක් ලබාගන්න තිබුණා. තිසරගේ දැවීයාම තමයි අපට අවාසියක් බවට

පත් වුණේ. තරගය පන්දුවාර 21කට සීමා වීම පැහැදිලිවම අපට වාසියක් වුණා. මොකද අපට වේගයෙන් ලකුණු රැස්කරන පිතිකරුවන් ගොඩක් ඉන්න නිසා. තරගයට ඉදීරිපත් කරපු කණ්ඩායම පරාජයට බලපෑවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. පන්දුවාර 21ක තරගයකදී ලකුණු 150ක් ගහල අපට දිනන්න අමාරුයි. මම හිතන්නේ පිතිකරණයේ අඩුපාඩු නිසයි තරගය පරාජය වුණේ.

මෙහිදී කුසල් මෙන්ඩිස් කණ්ඩායමට  කැඳවීම පිළිබඳ අදහස් දැක්වූ දික්වැල්ල, "කුසල් මෙන්ඩිස් අතිරේක ක්‍රීඩකයෙකුව සිට කණ්ඩායමට ආපු හැටි  මගෙන් අහන්න එපා. හේතුව මම තේරීම් කමිටු සාමාජිකයෙකුවත්, පුහුණුකරුවත් නෙමයි. තරගාවලියට පෙර සිටම අපේ පුහුණුවීම් සාර්ථකයි. ප්‍රතිවාදී ක්‍රීඩකයන් දවාගැනීම ගැන සැලසුම් අධ්‍යයනය කරලා තිබෙන්නේ. නමුත් තරගයකදී ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නය වෙලා තියන්නේ. තිබෙන අඩුපාඩු අපි හදාගන්න නැහැ කියලා කාටවත් අපට චෝදනා කරන්න බැහැ. කලකට පසුව හොඳ ආරම්භයක් අද ලැබුණා. එහෙත් අද මැද පෙළ අසාර්ථක වුණා. හැම පිතිකරුවෙකුම ලකුණු අතරට ආවේ නැත්නම් හරි ප්‍රතිඵලයක් ගන්න අමාරුයි.

නමුත් එළිය සිට බලන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි ගැන ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තබාගෙන ඉන්න බව අපි දන්නවා. අපි කවුරුත් මැදට ගිහිල්ල පරදින්න ක්‍රීඩා කරනනේ නැහැ. නමුත් බැරිවෙන අවස්ථා තියනවා. පුළුවන් වෙන අවස්ථා තියෙනවා. නමුත් ජය-පරාජය දෙකම අපි පිළිගන්න ඕන. මානසික තත්ත්වයෙන්වත් පුහුණුවීම්වලින්වත් කිසිම වැටීමක් සිදුවෙලා නැහැ. ඔය කීයන කාලයක් තිස්සේ ලබන පරාජයන්ගෙන් මිදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. බලමු ඉදිරියේදී ඒ ගැන මොකක්ද කරන්න පුළුවන් කියලා.

-පැතුම් ශ්‍රි විජේරත්න-