සිය නිවස පිහිටි වැල්ලවාය ප්‍රදේශයේ අසල්වැසියන්ට හිරිහැර කරමින් පන්සලකදී අසාමාන්‍ය ලෙස හැසිරෙමින් කලහ කළ බවට චෝදනා ලද  ජනප්‍රිය ගායන ශිල්පී
දමිත් අසංක පොලිස් අත්අඩංගුවට පත්වී සතියක පමණ කාලයක් රක්ෂිතබන්ධනාගාර ගත කර තිබුණ අතර අද ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ‍ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා
ඇප ලැබුණු දමිත් අසංකට ඔහුගේ මාමා කෙනෙකුට භාරදුන් බවටද

වාර්තා පළව තිබේ.
වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී  කලහකාරී  ලෙස හැසිරීම හේතුවෙන් ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්තාවේ ඔහුගේ ඥාතීන් පැවසුවේ ඔහු පාලනය කළ නොහැකි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටි නිසා මෙම තත්වය මතුවූ බවයි.
නමුත් මාධ්‍ය මගින් ඒ ගැන පොලිසිය විමසීමේදී ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය තිබී හමුවූයේ නැති බවද වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් දමිත් අසංකට කාලයක් තිස්සේ මානසික ව්‍යාකූලතාවයක් පැවති බවට මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ අය පවසා තිබුණි.
බුද්ධ ධර්මය ගැන කිසිදු හැදෑරීමක් නැතිව ඔහු විවිධ ප්‍රසිද්ධ ස්ථානවල අමුතු කතා කියා ඇත්තේද එම ව්‍යාකූලතාවයට සහනයක් ලෙස බවත් ඔහු සතු වස්තුව පවා වියදම් කර ආර්ථික දුෂ්කරතාවන්යට ලක්ව ඇති බවත් ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බවත් මේ ගැන අදහස් පළව තිබුණි.
මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටද නියමිත අතර අධිකරණය ඔහු සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගනු ඇතැයි රසිකයින් බලපාපොරොත්තුවේ.