https://www.gossiplankanews.com/2018/10/200-Shelinda-Jansen.html
සුගිය දිනවල ආර්ජන්ටිනාවේ බුවර්නොර්ස් අයර්ස්හි පැවති 2018 යොවුන් ඔලිම්පික් තරගාවලිය අද 18 අවසන් විය. එහිදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ගෞරවනීය සටහන් තබන්නට
පාරමී,සෙනුරු,ඩිලාන් හා ෂෙලින්ඩා සමත් වූහ. පාරමී මාරිස්ටෙලා පමණක් ලෝකඩ පදක්කමක් ලබාගත් නමුත් සියලු ක්‍රීඩකයින්ගේ දස්කම් ඉහළ සාධන මට්ටමක පැවතිණි. ඒවා පහත පරිදිය.

Parami Maristella -2000m St.Chase - Bronze medal with PB 6:33…+

Seniru Amarasinghe - High Jump - Overall 4th - Eq.PB 2.14m
Dilan Bogoda -400m - Overall 7th - PB 48.52sec
Shelinda Jansen - 200m - Oveall 9th - PB 24.07sec

විශේෂයෙන්ම ඊයේ ෂෙලින්ඩා ජෙන්සන් මීටර් 200 මූලික වටයේ 2 වන තරගය පළමුවැනියා ලෙස ජයග්‍රහණය කළේ අතීතයේ සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා ලෝකය හමුවේ තැබූ වාර්තාවන්ට ආසන්න දස්කමක් දක්වමිනි.( තත්පර 23 සීමාව තුළ ඔවුන් දෙදෙනා පමණක් දස්කම් දක්වා ඇත)
ඇය අවසන් තරග සටහන අනුව 9 වෙනියා වූ නමුත් ඇයගේ මූලික තරගයේදී වාර්තා කළ 24.07 වේගය අනපේක්ෂිත විජයග්‍රහණයකි. තවම 17 වන වියේ පසුවන ඇය කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවියකි.