https://www.gossiplankanews.com/2018/10/17-girl-ambalantota.html#more
පෙරේදා (2) අම්බන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී  මත්කුඩු වලට ඇබ්බැහිවූ පෙම්වතෙකු විසින් 17 හැවිරිදි තරුණියක පිරිසක් සමග පැමිණ නිවැසියන්ට පහරදී
පැහැර ගෙන යනු ලැබීම සම්බන්ධ පුවතක් සියලු මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මකව වාර්තා විය.
මේ වනවිට දැනගන්නට ලැබෙන්නේ මේ කියන සංසිද්ධියම රඟපෑමක් බවයි. 17 හැවිරිදි තරුණිය පැහැරගෙන ගියා නොව ඇයගේ ඉල්ලීම මත පෙම්වතා පැමිණ ඒ ආකාරයට රැගෙන ගිය බව වාර්තාවේ.
නිවසට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනිඅවි 

ආයුධ පෙන්වා එම තරුණිය පැහැර ගෙන ගිය බව ඇයගේ දෙමාපියන්
පොලිසියට ප්‍රකාශ කර තිබු අතර ඒ ඔස්සේ පොලිසිය සිදු කළ විමර්ශනවලදී එම යුවළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඔවුන් පවුල් ජීවිතයක් ගත කිරීමට එසේ පැනගොස් තිබෙන අතර නැවත නිවසට පැමිණීම එම තරුණිය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් ඇගේ වයස 17 ක්වීම මත විවාහයට අවසර නොලැබෙන බැවින් මෙම සිද්ධියට සිසුවිය පැහැරගෙන ගිය පෙම්වතාට එරෙහිව නිතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇත.
විමර්ශන වලට අනුව හෙළිව ඇත්තේ තරුණියගේ පෙම්වතා තම මිතුරන්ෙ සමඟ පැමිණ මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ වසර ගණනාවක සිට මේ දෙදෙනා අතර පෙම් සබඳතාවයට දෙමාපියන් විරුද්ධ වීම නිසාය.
තරුණිය තම පෙම්වතාට දුරකතනයෙන් කතා කර තමන්ව රැගෙන යන ලෙස ඉල්ලා ඇත්තේ ඇගේ මවට අයත් දුරකථනයකිනි.
 රාත්‍රී කාලයේ තම දියණිය නිවසේ දොර ඇරීමට උත්සාහ කිරීම සැකයට භාජනයවූ බවද දෙමාපියන් දන්වා ඇත. පිරිස සමග පැමිණි පෙම්වතා දොර කැඩීමට උත්සාහ කළ අවස්තාවේදී වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවද වාර්තාවේ.
අත්අඩංගුවට පත් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිතය. පෙම්වතා අත්අඩංගුවේ පසුවන අතර  පෙම්වතා සමග පැමිණි අනෙක් තරුණයින් සිවුදෙනා අද දිනය තුලදී පොලිසියට භාර වීමට නියමිතය. තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
මහ රෑ නිවසට පිරිසක් සමග කඩා වැදුණු කුඩු පෙම්වතා 17 හැවිරිදි පෙම්වතිය පැහැරගෙන