https://www.gossiplankanews.com/2018/09/tharjanee-victory.html
සර 9කට පසුව ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගන්නට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය ජයග්‍රහණය සමරමින් ලංකාවට පැමිණියා.
 චතුරංගනී ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම පිළිගැනීමේ උත්සවය ඊයේ අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි
ක්‍රීඩා අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිනිය ට්‍රික්සි නානායක්කාර මහත්මිය සමග නෙට්බෝල් සංගමයේ නිලධාරිනියන් ද මේ අවස්ථාවට එක්ව තිබුණි.
නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගනී මෙසේ තියා තිබුණි.

මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නෙට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවා. කණ්ඩායමක් හැටියට අපි හැමෝම එකතුවෙලා පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මියත් එක්ක මේ ගමන ආවා මාස අටක් විතර පුහුණුවීම් කළා. හැම මොහොතකදිම පුහුණුකාරිනියගේ උපදෙස් පිළිපැද්දා. කණ්ඩායම්

හැඟීමෙන් කටයුතු කළා. දැඩි විශ්වාසයකින් යුතුව පුහුණුවීම් කළා. අපිට අරමුණක් තිබුණා මේ ජයග්‍රහණය කොහොමහරි ලබාගන්නවා කියලා.‘
පුහුණුකාරිනි තිලකා ජිනදාස කියා සිටියේ, ‘මම මීට කළින් 2011 හා 2014දි ජාතික පුහුණුකාරිනිය තනතුරට අයැදුම්පත් ඉදිරිපත් කළා. නමුත් ඒ අවස්ථා 2දීම මට ලැබුණෙ නැ. මගේ දුර්වලකමක් නිසා නෙවෙයි අපේ තියෙන සුපුරුදු දේශපාලන ක්‍රමය නිසා. කොහොමහරි මෙවර මට ඒ අවස්ථාව ලැබුණා.

මට විශ්වාසයක් තිබුණා මට ලැබුණොත් කණ්ඩායම ආසියානු කුසලානය දිනාගන්න පුළුවන් කියලා. මම ක්‍රීඩිකාවක් විදිහටත් රට වෙනුවෙන් අවුරුදු 12ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිහින් තියෙනවා. අපි දැනට දිනාගත්තු ආසියානු කුසලාන තරගාවලි 5කින් 3කටම දායකවෙලා තියෙනවා. ඉන් එකක් 1997දී අපි ආසියානු කුසලානය දිනාගන්නා විට කණ්ඩායමේ උපනායිකාව විදිහට කටයුතු කළා. ඊළඟට 2009 තරගාවලිය ජයග්‍රහණය කළා. දැන් 2018 තරගාවලියේ පුහුණුකාරිනිය විදිහට කටයුතු කළා. මම කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් මට පුළුවන් උපරිම දායකත්වය රටට ලබාදී තිබෙනවා.‘
ලෙසිනි.
මේ අතර ජයග්‍රහණය සමග රටම කතාබහ කළ ශ්‍රී ලංකා පිලේ උසම ක්‍රීඩිකා තර්ජනවී නිහතමානීව සඳහන් කළේ,
‘හැමෝම කියනවා මං හින්ද දින්නෙ කියලා. එත් මගේ උස වාසියක් තමයි. ඒත් උස තිබ්බටම දිනන්න බෑ. අනෙක් අයගේ සහයෝගය නොලැබෙන්න මටත් ලකුනු ගන්න බෑ‘ ලෙසිනි.