කැලයක මැටියෙන් තැනූ කුටියක වෙසෙමින් භාවනා කරන මුවාවෙන් සිට කසිප්පු නිෂ්පාදනය කළ බව කියන
හිමි නමක බදුරලිය

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ  සිටි සැකකරු සමග කසිප්පු මිලි ලීටර් 187 ක්‌ හා පෙරුම් උපකරණද පොලිසිය භාරයට ගෙන තිබේ. බදුරලිය පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක මුණසිංහ මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් කරන ලද වැටලීමකදී හල්දොල ප්‍රදේශයේ කැලෑ රොදකදී සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ.
 සැකකරු මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.