මේ දිනවල මන්නාරමේ සිට කොළඹ බලා යන බස්‌රථවලට මාළු පෙට්‌ටි පැටවීම නිසා මගීහු දැඩි
දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.


 දිවා කාලයේත්, රාත්‍රි කාලයේත් මන්නාරමේ සිට කොළඹ බලා යන බස්‌ රථ වලට මාළු පෙට්‌ටි පටවන අතර රාත්‍රි කාලයේ බස්‌ රථවලට මාළු පෙට්‌ටි වැඩි වශයෙන් පටවන බව මන්නාරමේ වැසියෝ කියති.

 බස්‌ රථවල ආසන මත මාළු පෙට්‌ටි පටවා එම ආසන සඳහා වූ ගාස්‌තු ගෙවීමෙන් මාළු පෙට්‌ටි කොළඹට රැගෙන යෑම නිසා මන්නාරමේ සිට කොළඹ බලා යන මගීන්ට කොළඹ දක්‌වාම හිටගෙන යැමට සිදුව ඇති බව අපහසුවට පත්ව සිටින මන්නාරමේ වැසියෝ කියති. ඉන්දියාවේ සිට මුහුද ඔස්‌සේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ මන්නාරමට ගොඩ ගැසීමෙන් පසුව පිටස්‌තර ව්‍යාපාරිකයන් මාළු තොග මිලට ගැනීම සඳහා මන්නාරමට නොපැමිණීමත් සමඟම විශාල ගැටලුවකට මුහුණ පා සිටින මන්නාරමේ ධීවරයෝ මාළු තොග කොළඹට රැගෙන යැම සඳහා බස්‌ රථ භාවිත කිරීම නිසා මේ තත්වය උදා වී ඇති බව ද මන්නාරමේ වැසියෝ කියා සිටිති